නිශ්මං රණසිංහ ඔක්තෝබර් 04, කොළඹ LNW:
‘උඩපන්දු අතහැරුණයි කියලා පරාජය බාරගන්න බෑ. ඒකට නිදහසට කරුණු කියලා වැඩක් නෑ. එහෙම ආකල්පයක් නැතුව මේ තරගාවලියේ කිසිම තරගයක් අපට දිනන්න බෑ…. මොකද අපිට කිසිම අවස්ථාවක හිතන්න බෑ මේ එක කණ්ඩායමක්වත් ලකුණු 200 ට අඩුවෙන් දවාගන්න පුළුවන් කියලා.‘
චමරි එහෙම කිව්වෙ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවත්වෙන තරගයට පෙර ඉන්දීය පරාජය ගැන වගකීම කණ්ඩායම භාරගත යුතු බව හැඟවෙන සහ එවැනි පරාජයන් සම්බන්ධයෙන් සමානට කරුණු නැති බවත් හඟවන ප්‍රකාශ සමඟයි.සමහර විට මේ තරගයේදී මේ සියල්ල සමඟ චමරි නොකිව්වට අචිනි කුලසූරිය වෙනුවට මල්කි මදාරා සහ සුගන්ධිකා කුමාරි වෙනුවට දෙව්මි විහංඟාත් කණ්ඩායමට එන්න ඉඩ තියෙනවා.
ඒ කොහොම වුණත් අත්දැකීම් ඇති ජයග්‍රහණය කරන්න පුළුවන් බව පෙන්නලා තියෙන කණ්ඩායමකට ඉන්දියාවෙ තරගයේ සිට ඔස්ට්‍රේලියාව හමුවන අද දක්වා කාලය වැරදි නිවැරදි කර ගන්න හොඳටම ප්‍රමාණවත්.ශ්‍රී ලංකාවෙ පුරවැසියො විදිහට හඳුන්වන කොට අපේ කණ්ඩායම වෙන ශ්‍රී ලංකාව අද තරගයට මුහුණ දෙන්නෙ හොඳ ශක්තිමත් විශ්වාසයකින් සහ සූදානමකින් බව වගේම වෙච්චි වැරදිවලට හොඳ තද අවවාද උපදේශ ලැබී ඇති බවත් චමරි මාධ්‍ය හමුවේ කරපු කතා බහ පැහැදිළි කළා.ඒ නිසා පෙර හැද්නිවීම කරපු විදිහට ගත්තම ඔස්ට්‍රේලියාවට එරෙහිව අද නැගී සිටින අපේ කෙල්ලන් ඉන්නෙ කැන්ගරුවන් නෙමෙයි ඇත්තු ඩයානෝසරයො ආවත් පෙරලන්න පුළුවන් කියන විශ්වාසයෙන්.ඒ විශ්වාසය සංඛේතවත් කරන සහ ශක්තිමත් කරන ආදරයක් තියෙන වැදගත්ම කොටසක් තමයි ලාංකේය ප්‍රේක්ෂකයා කියන්නෙ.
ලංකාවෙ ක්‍රිකට් අනන්‍යතාවයක් විදිහට ලෝකයම දන්න පපර සද්දෙ පිට්ටනියෙ ඉන්න ක්‍රීඩකයන්ගේ උත්තේජනයට දෙන තල්ලුව සුළුවෙන් ගන්න බැහැ.ප්‍රේක්ෂකයා කියන්නෙ ලොකු හයියක්.ඒ හයියත් ප්‍රතිශතයක් විදිහට ජයග්‍රහණවල රැදිලා තියෙනවා.කොන් කරලා දාපු පුද්ගලයෙකුගෙ ඉලව් ගෙදරක ස්වරූපයක් නැතුව අද සවස ලෝක කුසලානය වෙනුවෙන් සිහින දකින ලාංකේය කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සතුට,විනෝදය පිරි මඟුල් සිරියක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රේමදාස පිටියේ සකස් කරන්න ක්‍රිකට් ලෝලීන්ට වගකීමක් විදිහට දැනෙන ආදරයක් විසින් පනවලා තියෙනවා.නැත්නම් ආදරයක් විදිහට දැනෙන වගකීමකින් පවරලා කිව්වත් වැරදිම නැහැ.
චමරිගෙ බල ඇණිය කියන්නෙ දැන් ලෝකය දිනන්න පුළුවන් කණ්ඩායමක්.පළමු තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකාව පරාජය කර ගත්තා මිස ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පරාජය කළා යැයි කියන්න බැහැ.ඒ නිසා අද චමරිගේ බල ඇණියට තමන්ට දිරි දෙන්න එන පිරිවර වෙනුවෙන් කරන්න තියෙන්නෙ වැරදි අඩු පාඩු නොකර සිටීමයි.
මීට ටික කාලයකට ඉස්සර එක්කො චමරි දිහා එහෙමත් නැත්නම් ශෂිකලා දිහා බලාගෙන ලංකාවෙ ක්‍රිකට් ජයග්‍රහණ ගැන සිහින මවපු කාන්තා ක්‍රිකට්ලෝලීන්ට චමරි අසම සම වුණත්,අද ඇය අසාර්ථක වු මොහොතවල් පවා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බවට පෙරළිය හැකි බල ඇණියක් ඉන්නවා.ඒ බල ඇණිය නිසා චමරිට නිදහසේ විශේෂයෙන් තමන්ගේ ක්‍රීඩා රටාව දිග අරින්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා.හ් නිසා කාන්තා ක්‍රිකට් කියන්නෙ පරිමි කණ්ඩායමටත් වඩා ජයග්‍රහණය ගැන විශ්වාසය තියන්න පුළුවන් කණ්ඩායමක් හැටියට මිනිස්සු තුළ විශ්වාසයක් ගොඩ නැඟිලා තියෙනවා.
මේ විශ්වාසය ආස්වාදය කරන්න අද දවසේ ප්‍රේමදාස ක්‍රීඩා පිටියට එන එක වැදගත්.රටකට ලෝක කුසලාන තරගාවලියක් එන දුර්ලභ අවස්ථාව අත් විදින්න ලැබෙන මොහොත නොමිලේ දෑසින් දැක විඳ ගන්න ලැබීම ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක්ට ලැබෙන දුර්ලභ සහ ආශ්චර්යමත් අවස්ථාවක්.ඒ නිසා ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩාවක රටකට සංවිධානය කරන්න ලැබීමේ අවස්ථාව සමඟ ඒ රටට ලැබෙන ලෝක අවධානය වැදගත්.ඒ නිසා රට ගැන තමන්ට දැනෙන හැඟීම විඳින්න සහ ප්‍රකාශ කරන්න,වචනයකින් කෑ ගහලා රටේ ජයග්‍රහණයට සුබ පතන්න,ඒ සිඳුවීම ඇතුළෙ දායකයෙක් වෙන් ලැබෙන අවස්ථාව සාක්කුවේ බරෙන් අඩු කරගෙන කරන්න අවශ්‍යය නැහැ කියන කාරණයත් වැදගත්.ඒක ස්වර්ණමය අවස්ථාවකට සහභාගි වෙන්න දායක වෙන්න ලැබෙන අනර්ඝ අවස්ථාවක්.
මේක පුරවැසියෙක් විදිහට ක්‍රීඩා ලෝලීයෙක් හැටියට යුතුකමක් රට වෙනුවෙන් නොමිලේම කරන්න ලැබෙන අවස්ථාවක් හැටියට හිතාගෙන අද සවස ප්‍රේමදාස ක්‍රීඩා පිටියට එන්න.හීලී ඇතුළු ඔස්ට්‍රේලියානු දැවන්න නාම පූවරු ඇඳ වෙන්න ගහන්න චමරිගේ බල ඇණියට හයියක් වෙන්න.පස්වරු 3.00 කිව්වට එච්චරම පරක්කු වෙන්න එපා.ටිකක් ඉක්මණට ගිහං හොඳටම තරගය බලන්න පුළුවන් තැනකට එකතු වෙන්න.ඔබ මුවට දෑත තබා කෑ ගහන හඬ පිට්ටනියේ ඉන්න ලංකාවේ කෙල්ලන්ට ඇහෙන දැනෙන මානයක රැඳෙන්න.චමරිලාට පුළුවන්.අපි එකතු වුණාම තවත් හොඳට පුළුවන්.
පස්වරු 1.30 ඉදලා ඇතුල්වෙන්න පුළුවන් විදිහට 7 සහ 8 ගේට්ටු විවෘත කරලා තියෙන්නෙ.නොමිලේ ලැබෙන මිල කරන්න බැරි අවස්ථාව අත් නොහැර අපි එකතු වෙමු! දිනවමු!
