ස්විට්සර්ලන්තයේ Edelweiss කොළඹ සහ සූරික් අතර සතියකට දෙවරක් ගුවන් ගමනේ!

0
632

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05 කොළඹ LNW :

මේ වසරේ ඔක්තෝබර් 28 වැනිදා සිට ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය කොළඹ සහ සූරික් අතර සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම පිටත්වීම් සිදු කෙරෙන බව වාර්තා වේ.

මෙමඟින් ස්විට්සර්ලන්තයේ, සුරික් හරහා ගමන් කරන මගීන්ට ස්විස් සහ ලුෆ්තන්සා ගුවන් සේවා  සමඟ යුරෝපීය මෙන්ම ඉන් පිටත ගමනාන්ත බොහෝමයකට පියාසර කිරීමේ හැකියාව හිමිවේ.

ස්විට්සර්ලන්තයේ, ස්විස් ගුවන්සමාගම් සමූහයට අයත් Edelweiss ගුවන්සේවය ශීත සෘතුව සඳහා ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ ස්විට්සර්ලන්ත තානාපතිවරිය වන ආචාර්ය සිරි වෝල්ට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇයගේ නිල නිවසේදී විශේෂ හඳුන්වාදීමේ වැඩසටහනක් ද පසුගියදා පැවැත්වුණි .