මරණ දඬුවම නියම වී සිටින ජූලම්පිටියේ අමරේගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටියේ අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) තීන්දු කර තිබේ.

ඒ අනුව ඔහුව නියම වී ඇති මරණීය දණ්ඩනය තහවුරු කරමින් අදාළ අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමින් ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටියේ අමරේ’ට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 වසරේදී තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...