Xeptagon සමාගම කොළඹ වරාය නගරයේ තොරතුරු තාක්ෂණ උද්‍යානයෙහි (IT Park) පළමු කාර්යාලය විවෘත කරයි

0
185


Xeptagon Pvt. Ltd. සමාගම කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සිය නවතම කාර්යාලය නිල වශයෙන් විවෘත කරමින් වරාය නගරයේ තොරතුරු තාක්ෂණ උද්‍යානය (IT Park) හි දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පළමු සමාගම බවට පත් වූ අතර, දේශගුණික මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රයේ කාර්යාලයක් එහි ස්ථාපිත කළ පළමු සමාගම බවට ද පත්විය. ශ්‍රී ලංකාව නවෝත්පාදනය සඳහා මධ්‍යස්ථානයක් ලෙස ඉස්මතු වීම සහ දේශගුණික මූල්‍ය යටිතල පහසුකම් සපයනු ලබන විශ්වාසනීය ජාත්‍යන්තර පුරෝගාමී සමාගමක් ලෙස Xeptagon හි වර්ධනය වන කීර්තිය මෙම සන්ධිස්ථානයෙන් පිළිබිඹු කෙරිණි.


Xeptagon සමාගම සිය ගෝලීය වෙළෙඳපොලේ වැඩකටයුතු මෙම නව කාර්යාලය තුළින් තවදුරටත් ඉහළ නංවනු ඇත. මෑත වසර කිහිපය තුළ මෙම සමාගම කාබන් බැර නිරීක්ෂණය කිරීම සඳහා වන ජාතික කාබන් පනතට අනුකූලව දේශගුණික මූල්‍ය පහසුකම් සැපයීමෙන් සහ පැරිස් ගිවිසුමෙහි (Paris Agreement) අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා රටවල් සහ ආයතනවලට කාබන් නිරපේක්ෂභාවය කරා ළඟාවීමට අවශ්‍ය ප්‍රමිතීන් අඛණ්ඩව සපුරාලීමට නිසි පරිපාලන විසඳුම් තුළින් සහතික වී තිබේ. ඒ සඳහා හොංකොං, හංගේරියාව, කෙන්යාව. නැමීබියාව, නෝර්වේ, සිංගප්පූරුව, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍යය, අමෙරිකාව, වියට්නාමය සහ සිම්බාබ්වේ ඇතුළු අනෙකුත් රටවල් ආවරණය වන පරිදි Fortune 500 සමාගම් හා රජයන් සමඟ එක්ව කටයුතු කරමින් සිටී. එම කාර්යසාධන හේතුවෙන් Xeptagon සමාගම ගෝලීය ආයතන සඳහා මෙන්ම, ඉහළ ප්‍රමිතියකින් යුතු දේශගුණික තාක්ෂණ ක්‍රමවේදය අපේක්ෂා කරන අන්තර් රාජ්‍ය වැඩසටහන් සඳහා වඩාත්ම සුදුසු හවුල්කරු බවට පත්වී සිටී.


සමාගමේ වේගවත් ජාත්‍යන්තර වර්ධනය ප්‍රමුඛ සමාගම් සහ ආයතන සමඟ ඇතිකරගත් ශක්තිමත් හවුල්කාරිත්වයෙන් බලගැන්වී තිබේ. Schneider Electric සමාගම හා ඇතිකරගත් හවුල්කාරිත්වය මඟින් උසස් විමෝචන ඇස්තමේන්තු මෙවලම් ඩිජිටල් වේදිකාවලට ඒකාබද්ධ කරන අතර, එමඟින් විවිධ සමාගම්වලට ඉතා නිරවද්‍යව විමෝචනය මැනීමට, අඩු කිරීමට සහ උදාසීන කිරීමට හැකියාව ලැබේ. Hedera සමඟින්, Xeptagon විසින් කාබන් ණය යටිතල පහසුකම් සඳහා Blockchain මත පදනම් වූ වෙනස් කළ නොහැකි බව සහ විනිවිදභාවය හඳුන්වා දී ඇති අතර, එයට LG, Google සහ Boeing වැනි සංවිධාන ඇතුළත් වන Hedera හි ගෝලීය පාලක මණ්ඩලයේ සහාය ලැබේ. ආසියාව දෙස බැලූ කළ, කොරියාවෙහි නව කාබන් හුවමාරුවක් සඳහා තාක්ෂණික හවුල්කරු වීමට Xeptagon හට හැකියාව ලැබී ඇත. එම රටේ දෙවන විශාලතම සුරැකුම්පත් සමාගම වන SK Securities විසින් මූලික අරමුදල් (Seed-funds) සපයනු ලබන අතර, එමගින් දියුණු කාබන් වෙළඳ පද්ධති සක්‍රීය කිරීමේදී Xeptagon සමාගමෙහි කාර්යභාරය මනාව ප්‍රදර්ශනය කරයි. “Big Four” උපදේශන සමාගම් සමඟ හවුල්කාරිත්වයෙන්, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා Xeptagon හි බලපෑම ව්‍යාප්ත කරන අතර, ජර්මනියේ ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ ෆෙඩරල් අමාත්‍යාංශයේ මුලපිරීමක් වන IPD සහ, ජපානයේ JICA සමඟ සහයෝගීතාවයන් Xeptagon සමාගමෙහි ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොළවල් වෙත ප්‍රවේශය ශක්තිමත් කරයි.

2025 දී, Accenture සමාගම මගින් පවත්වනු ලැබූ “FinTech Innovation Lab Asia-Pacific” හි සහභාගී වීමට අවස්තාව ලද අතර, එමගින් ප්‍රමුඛ බැංකු සහ ආයෝජකයින්ගෙන් සෘජු උපදේශකත්වය ලබා ගැනීමට Xeptagon සමාගමට හැකියාව ලැබී ඇත. මෙම පිළිගැනීම Xeptagon හි නිෂ්පාදන-වෙළඳපොළ ගැළපීම තහවුරු කරනවා පමණක් නොව, උපායමාර්ගික අරමුදල් රැස් කිරීමේ අවස්ථා සහ ගෝලීය වෙළඳපොළ සඳහා ප්‍රවේශය ද පුළුල් කරයි. Xeptagon සමාගම, කලාපයෙහි මූල්‍ය තාක්ෂණ සමාගම් වල කේන්ද්‍රස්ථානයක් වන හොංකොං Cyberport හි ස්ථාපිත කර ඇති අතර එහිදී සමාගම හරිත මූල්‍ය තාක්ෂණික සංකල්ප-පරීක්ෂණ කිහිපයක් ලබා දෙමින් සිටී. එහි විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, Xeptagon ඩිජිටල් පොදු යටිතල පහසුකම් අභියෝගයේ (DPI – Digital Public Infrastructure Challenge) ගෝලීය අවසන් තරඟකරුවන් 10 දෙනා අතරට නම් කරන ලදී. එය SDG සම-ප්‍රතිලාභ ඒකාබද්ධ කරමින් කාබන් ගිණුම්කරණය සමඟ එක්ව විවෘත-මූලාශ්‍ර රෙජිස්ට්‍රි මොඩියුලයක් (open-source registry module) නිර්මාණය කිරීම සඳහා පිළිගැනුණි. JICA සහ Boston Consulting Group විසින් සංවිධානය කරන ලද මෙම අභියෝගය, Xeptagon හි කාබන් පමණක් නොව ඊට ඔබ්බට ගිය තිරසාර බලපෑම් සමාජීය සහ පාරිසරික මානයන් හරහා ඒකාබද්ධ කරමින් දේශගුණික මූල්‍යකරණයේ විෂය පථය පුළුල් කිරීමේ හැකියාව ඉස්මතු කරයි. Xeptagon සමාගම හොංකොං හරිත මූල්‍ය තාක්ෂණික සිතියමේ (Green FinTech Map) හි ද දක්වා වී ඇති අතර, හොංකොං හරිත මූල්‍ය තාක්ෂණික තරඟයේ අවසන් තරඟකරුවෙකු ලෙස ද නම් කර ඇත.
කොළඹ වරාය නගරයේ කාර්යාලය විවෘත කිරීම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සන්ධිස්ථානයක් ලෙස සලකුණු කරයි. තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ මෙහෙයුම් ආරම්භ කළ පළමු සමාගම ලෙස, Xeptagon සමාගම ශ්‍රී ලංකාවේ ගෝලීය නවෝත්පාදනයේ භූමිකාව සඳහා පූර්වාදර්ශයක් සකස් කරමින් සිටී. ඒ සමගම, ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ලතින් ඇමරිකාව හරහා එහි හවුල්කාරිත්වයන් සහ ජයග්‍රහණ, සමාගම විසින් පද්ධති ගොඩනැගීම පමණක් නොව, දේශගුණික මූල්‍යකරණයේ අනාගතය හැඩගැස්වීම ද සිදු කරන බව පෙන්නුම් කරයි. තාක්ෂණික විශේෂඥතාව, ගෝලීය හවුල්කාරිත්වයන් සහ ලෝකයේ ඉතා තරඟකාරී වැඩසටහන්වලින් ලද පිළිගැනීම ඒකාබද්ධ කරමින්, Xeptagon සමාගම ගෝලීය පරිමාණයෙන් තිරසාර වෙළඳපල සඳහා පරිවර්තනීය යටිතල පහසුකම් ලබා දීම දිගින් දිගටම සිදු කිරීමට හොඳින් ස්ථානගත වී ඇත.