ඩඩ්ලිගෙන් සහ රත්නගෙන් පුපුරා ගිය හාල් කෙළිය! (VIDEO)

Date:

සහල් පාලන මිල සම්බන්ධයෙන් ඊයේ (22) දින පැවති මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මහතා සහ නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

රජයේ පාලන මිල යටතේ නාඩු සහල් අලෙවි කිරීමට නොහැකි බවත් එහි මිල වැඩිවීමක් අවශ්‍ය බව විව් රත්න සහල අධිපතිවරයා කළ ප්‍රකාශය හේතුවෙනුයි එම උණුසුම් තත්ත්වය හට ගැනුණේ.

මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා දිගින් දිගටම අවධාරණය කළේ රජයේ පාලන මිලට යටත්ව සහල් අලෙවිය සිදුවිය යුතු අතර තවදුරටත් සහල් මිල ඉහළ දැමීමකට එකඟ විය නොහැකි බවයි.

ඒ මොහොතේ ආවේගශීලිව කතා කළ ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේ මෙතෙක් කල් පැවති සහල් මාෆියාව තිබුණු තැන දැන් හඳුනා ගැනීමට හැකි බවයි.

කෙසේවෙතත් අවසානයේදී දේශපාලකයන් හා ව්‍යාපාරිකයින් අතර ජනතාව තැලී පොඩි වීම නම් යහමින් සිදුව තිබෙන බව ඊයේ මේ සහල් කෙළියෙන් හොඳින්ම අවධාරණය වුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...