අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්ට ඇප!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන සේපාලිකා සමන් කුමාරි මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීරය අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියම කළ බව පැවසේ.

එමෙන්ම හානි පූර්ණ කාර්යාලය කටයුතුවලට සම්බන්ධ නොවන ලෙස සැකකාරියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය හානි පූර්ණ කාර්යාලය කටයුතු වලට යෙදවීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යංශය ලේකම්ට නියම කළ බව පැවසේ.

සැකකාරිය දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වීම සහ ඇය මෙම සිද්ධිය හරහා මූල්‍ය වාසියක් ලබා නොගැනීම යනාදී කාරණා සුවිශේෂි කරුණු ලෙස සැලකිල්ලට ගනිමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රත්වරයා සඳහන් කළ බව සඳහන් වේ.

ඉන් අනතුරුව පැමිණිල්ල මේ මස 14 වනදා කැඳවීමට ද නියම වී ඇති අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව ඊට වන්දි වශයෙන් රුපියල් 88 50000/- ක මුදලක් ගෙවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...