අපේ මූල්‍ය විනය ගැන අහන්න විපක්ෂයට අයිතියක් නෑ – ඇමති චතුරංග

0
229

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් රජයේ මූල්‍ය විනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට අයිතියක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – රජය විසින් ආර්ථික කට­යුතු නිසි ආකා­ර­යෙන් පව­ත්වා­ගෙන යාමට සැල­සුම් සකස් කර­මින් සිටින මොහො­තක විප­ක්ෂ­යෙන් යම් ප්‍රශ්න කිරී­මක් සිදු­වුණා මූල්‍ය වින­යක් ඇති­වද රජය විසින් මේ කට­යුතු සිදු­ක­රන්නේ කියලා ?

“ඇත්ත­ටම මම හිතන්නේ විප­ක්ෂ­යට එහෙම අහන්න අයි­ති­යක් නෑ. ඔවුන්ට එහෙම අහන්න අයි­ති­යක් නැති­වෙන්නේ ඔය කියන විප­ක්ෂය තමයි පහු­ගිය කාලේ මේ රට පාල­නය කළේ. එත­කොට රට පාල­නය කරලා, රට බංකො­ලොත් වෙලා ඉව­රයි. IMF ආය­ත­නය පළ­වෙනි ඡේද­යෙන්ම කිය­නවා මේ රට බංකො­ලොත් වෙන්න ප්‍රධාන හේතුව වංචාව සහ දූෂ­ණය කියලා. එත­කොට ඒ වගේ රිපෝට් කාඩ් එකක් ගත්ත විප­ක්ෂ­ය­කට අයි­ති­යක් නෑ මූල්‍ය විනය ගැන මූලික වශ­යෙන් කතා කරන්න. අනික් කාර­ණය තමයි ඒ මූල්‍ය විනය අද දේශීය වශ­යෙන් පව­ත්වා­ගෙන යන එකක් පම­ණක් නොවෙයි ලෝක බැංකු­වත්, IMF ආය­ත­න­යත් නිර්ණා­යක මත මාසි­කව කරු­ණු­මය වශ­යෙන් විශ්ලේ­ෂ­ණය වෙමින් යන එකක්. ඒ නිසා මූල්‍ය වින­යක් නෑ කියන්න බෑ අද. රජයේ ආදා­යම් වැඩි­වීම පිළි­බ­ඳව ඉතා හොඳ දත්ත ප්‍රමා­ණ­යක් අපට ලැබිල තියෙ­නවා. රජයේ අන­වශ්‍ය විය­දම අඩු­වීම පිළි­බඳ දත්ත තියෙ­නවා. ඵල­දායි ආයෝ­ජ­න­වල පම­ණක් රජය ආයෝ­ජ­නය කරන බවට වෙන­දට වඩා හොඳ සහ­ති­ක­යක් තියෙ­නවා. ඒ වගේම රාජ්‍ය­තා­න්ත්‍රි­කයේ සහ රාජ්‍ය­ක­ර­ණයේ භාවිත කරන සම්පත් ප්‍රමා­ණය ඉතා තීව්‍ර ලෙස අවම වෙලා තියෙ­නවා. සාපේ­ක්ෂව බලන මධ්‍යස්ථ පුද්ග­ල­ය­කුට මේ පිළි­බඳ ගැට­ලු­වක් එන්නේ නෑ. නමුත් මේ ක්‍රමය වෙන­ස්වීම පිළි­බඳ වේද­නා­වට ලක්වෙලා තියෙන විප­ක්ෂ­යට ගැට­ලු­වක් විය හැකියි”

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මේ බව පවසා ඇත්තේ දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.