තැන් තැන්වල ඉඳන් ගල් ගහන්න ඕනේ නෑ. ගම්මන්පිල එන්න අධිකරණයට!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද තෝරා ගැනීම දෝෂ සහිත නම් එහි අක්‍රමිකතාවක් තිබෙනවා නම්, ව්‍යවස්ථා විරෝධී නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

තැන් තැන් වල විවේචනය කිරීම නොව නිසි ක්‍රමවේදය වන්නේ එය බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වී යම්කිසි කාලයක් ගතව ඇති අතර මේ වන විට ඇතැම් විමර්ශන අවසන් වී අත්අඩංගුවට ගැනීම් සිදුවන පසුබිමක උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම අල්ලස් කොමිසමට ගල් ගැසීම තුළ වෙනත් වුවමනාවක් ඇති බව පෙනෙන්නට තිබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්නොවී ඔවුන්ට අධිකරණය හමුවට යා හැකි බව හෙතෙම සඳහන් කරන ලදී.

ගම්මන්පිල ඇතුළු කණ්ඩායමට අවශ්‍ය ඇත්තේ අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශන අඩපණ කිරීම බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

”එහෙම අඩපණ කරන්න වුවමනාවක් තියෙන්නේ වංචාවට, දුෂණයට, නාස්තියට එරෙහි කෙනෙකුට නෙවෙයි ඒ අල්ලස් ගත්ත අය දුෂණ ක්‍රියාමාර්ගවල යෙදිච්ච අය ආරක්ෂා කරගන්න ඉන්න කෙනෙකුඅට පමණමයි එහෙම වුවමනාවක් තියෙන්නේ. ” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...