ටී. බී. සරත්ට උසස්වීමක්. ආර්ථික සංවර්ධනය හිටපු සුරාබදු කොමසාරිස්ට !

0
877

අමාත්ය මණ්ඩල සංශෝධනයේදී ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි ආචාර්ය අනිල් ජයන්ත මහතාව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇති අතර ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදී ඇත්තේ යූ. ඩී. නිශාන්ත ජයවීර මහතාට ය.

කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන නිශාන්ත ජයවීර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දිගුකාලීන මිතුරෙකු බවත් පැවසේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු වූ ඒ මහතා දේශපාලනයට පිවිසීමට පෙර වත්මන් රජය යටතේම වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ අතර පසුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයකු වශයෙන් ද කටයුතු කළේය.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ටී. බී. සරත් මහතාව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත.