සහල් මාෆියාවේ තරම ගැන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් අනාවරණයක් (VIDEO)

මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගිය දිනවල සහල් කිලෝවකින් රුපියල් 33 – 53 දක්වා අතිවිශාල අයථා ලාභයක් ලබමින් සිටි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ඊයෙ මහා පරිමාණ මෝල් හිමියෝ ඒගොල්ලොන්ගෙ කටින්ම කියනවා කෑගහලා අපි කවුරුත් වී ගත්තේ 117 ට කියලා. 117 හදන්නෙ වී මිටියක් ගත්තෙ 7500 ට කියලා. එහෙම නම් 7500 ට වී මිටියක් ගන්නකොට වී කිලෝ එකක් වෙන්නෙ 117 යි. 117 ට වී කිලෝ එකක් ගත්තාට පස්සෙ හාල් කිලෝ එකක් හදන්න ඒ සඳහා යන පිරිවැය මේ සූත්‍රයට අනුව ගැලපුවාට පස්සෙ අපි ඉතාම පැහැදිලිව කියනවා හාල් කිලෝ එකක් දෙන්න පුළුවන් රුපියල් 207 ට. මේ 207 ට දෙන්න පුළුවන් හාල් කිලෝ එක තමයි එක මෝල් හිමියෙක් 270 ට දෙන්නේ, අනිත් කෙනා 250 ට දෙන්නෙ. කොහොමද එහෙම වෙන්නෙ ? මොන තරම් මෙතන මංකොල්ලකෑමක් කනවාද ? මේක තමයි ඇත්ත තත්වය”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...