ජනපතිගේ ඉල්ලීමට අගමැති එකඟවෙයි. මහබැංකු අධිපතිගේ සේවා දිගුවට අනුමැතිය

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (23) දිනයේදී ජනාධිපති ලේකම්වරයා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව දුරකථනයෙන් අමතා ඇති අතර නන්දලාල් වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීමට අදාළ ලිපිය තවමත් එවා නොමැත්තේ මන්දැයි විමසීමක් කර ඇත. එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා වහාම අග්‍රාමාත්‍යවරයාත් සමග සාකච්ඡා කර පැයක් තුළ ආපසු ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ අදාළ සේවා දීර්ඝ කිරීමේ ලිපිය අද (24) දිනයේදී එවන බවකි.

ඒ අනුව නන්දලාල් වීරසිංහ මහතා 2022 ජුලි මාසයේ සිට වසර 6ක කාලසීමාවක් සඳහා මහබැංකු අධිපතිවරයා වශයෙන් යළි පත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...