ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් හිස් වූ අගමැති ධුරය වෙනුවෙන් සෙබස්තියන් ලෙකෝර්නු නැවතත් පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් හිස් වූ අගමැති ධුරය වෙනුවෙන් නැවත වරක් ඔහුගේ මධ්‍යස්ථ සගයා වන සෙබස්තියන් ලෙකෝර්නු පත්කර ඇති බව වාර්තා වේ.

39 හැවිරිදි ලෙකෝර්නු මීට පෙර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සේවය කර ඇති අතර ප්‍රංශ මිලිටරි වියදම් වැඩි කිරීම සඳහා ඔහු කළ කාර්යය සඳහා ප්‍රසිද්ධය.

නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙමින් සෙබස්තියන් ලෙකෝර්නු සඳහන් කර තිබුණේ, වසර අවසන් වන විට ප්‍රංශයට අයවැයක් ලබා දීමට සහ අපගේ සෙසු පුරවැසියන්ගේ දෛනික ජීවිතයේ ගැටළු විසඳීමට හැකි සෑම දෙයක්ම කරන බවත්, ප්‍රංශ ජනතාව කෝපයට පත් කරන මෙම දේශපාලන අර්බුදයට අපි තිත තැබිය යුතු අතර ප්‍රංශයේ ප්‍රතිරූපයට සහ එහි අවශ්‍යතාවලට හානි කරන මෙම අස්ථාවරත්වය අවසන් කළ යුතු බවයි.

මිට දින කිහිපයකට පෙරද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ලෙකෝර්නු අගමැතිවරයා බවට පත් කිරීමෙන් අනතුරුව ඔහු තම පළමු කැබිනට් රැස්වීමට සහභාගී වීමට හෝ පාර්ලිමේන්තුවට ඔහුගේ පළමු ප්‍රතිපත්ති කතාව කිරීමටත් පෙර පැය 14ක් තුළ ඉල්ලා අස්වූ අතර ඉන් දින කිහිපයකට පසු මැක්‍රොන් විසින් ඔහුගේ ඉල්ලා අස්වීම නැවත පත් කිරීමට ගත් පෙර නොවූ විරූ පියවරක් වී ඇත.

එමානුවෙල් මැක්‍රොන් 2017 දී ඔහු ප්‍රථම වරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඇති වූ දරුණුතම දේශීය අර්බුදයට මුහුණ දී සිටීන අතර පසුගිය මාසයේ, මැක්‍රොන් විසින් කැඳවන ලද අවිනිශ්චිත හදිසි මැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව තවමත් පැහැදිලි බහුතරයක් නොමැතිව වම, අන්ත දක්ෂිණාංශික සහ මධ්‍යම කණ්ඩායම් තුන අතර බෙදී ඇති අතර දේශපාලන පක්ෂ අතර මතභේද ඇති වුවද සහ සති ගණනාවක් ස්ථාවර රජයක් නොතිබුණද, ලබන වසර සඳහා අයවැයක් සකස් කිරීමට සති කිහිපයක් ඇතුළත එකඟ විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිසරය වෙනුවෙන් ගත් හොඳම තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : " ධර්ම සුගන්ධ...

දිස්ත්‍රික්ක දෙකක් නායේ යෑමේ අධිඅවධානමේ – වහාම ඉවත්වන ලෙස දැනුම් දෙයි!

කොළඹ LNW:දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස...

මඩකලපුව කොක්අඩිචෝලේ පුරා විද්‍යා නාම පුවරු ගැලවූ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : ඉකුත් දා, මඩකලපුව...

උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : මේ වනවිට ,...