ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් රුපියල් බිලියන 63ක් අච්චු ගැසීමට සිදු වෙයිද?

ඊයේ (23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පෙර සතියේ අනුපාතවලට අනුව මහ බැංකුවට උපයා ගැනීමට හැකි වූයේ බිලියන 31ක් පමණි. ඒ නිසා ඔවුන්ට වෙළෙඳපොළට නිකුත් කළ බිලියන 93න් බිලියන 63ක හිඟයක් අත්විදීමට සිදුවිය.

බොහෝ දුරට එම හිඟ අගය අලුතින් මුද්‍රණය කර මුදා හැරීමට මහ බැංකුවට සිදුවනු ඇත. පසුගිය සතියේ මුද්‍රණය කරන ලද බිලියන 48 සමඟ මේ වන විට නන්දලාල් වීරසිංහගේ ‘ස්වාධීන මහ බැංකුව’ විසින් මුද්‍රණය කෙරුනු මුළු මුදල බිලියන 316ක් වේ.

කෙසේ වෙතත්, IMF වැඩසටහන ආරම්භ වන විට, මෙම ‘මුදල් මුද්‍රණ ව්‍යාපාරය’ නතර කිරීමට රජයට සහ මහ බැංකුවට සිදුවනු ඇත. ඉන්පසු රජය රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ඉන්ධන ආදිය සදහා ගෙවීම් සිදු කරන්නෙ කෙසේදැයි බලාගන්නට පුළුවන.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...