ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි චීනයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ චීනයේ බලා පිටත්ව ගියේය.

ඒ, කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහායි.

අග්‍රාමාත්‍යවරිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පිටත්ව ගිය බව වාර්තා වේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස ඊයේ රාත්‍රී 10.15ට කටුනායක ගුවන් තොටුපොළෙන් චීන් ගුවන් සේවයේ ගුවන් යානයකින් චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව ගිය බව සඳහන් වේ.

“2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව” චීනයේ බීජිංහිදී පැවැත්වීමට නියමිත අතර, අග්‍රාමාත්‍යවරිය මේ සඳහා සහභාගි වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුවයි. ඒ අනුව අද සිට එළඹෙන 15 වනදා දක්වා අග්‍රාමාත්‍යතුමිය චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිංහි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක් – කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමටද නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැද මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...