ට්‍රම්ප්ගේ මැදපෙරදිග ගමනේ බලාපොරොත්තුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් අද මැදපෙරදිගට පිටත්ව යාමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඊශ්‍රායලය සහ පලස්තීනය යුද්ධය අවසන් කිරීම පිළිබඳ ලෝක නායකයින්ගේ සමුළුවක් සඳහා බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ජනාධිපතිවරයා මැදපෙරදිගට යාමට පෙර ඊශ්‍රායලය වෙත පිටත්ව යන බවයි.

එහිදී ඇමරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුවද ඇමතීමට නියමිත බව වාර්තා වේ

ඊශ්‍රායලය සහ ගසා තිරය අතර සටන් විරාමය පවතිනු ඇති බවත් ගාසා තීරය අධීක්ෂණය සඳහා හැකි ඉක්මනින් සාම මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව, ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානයට ලබා දී ඇති අවසාන දිනය අදින් අවසන් වන අතර ඊශ්‍රායලයේ සහ ගසා තිරයේ ප්‍රාණ ඇපකරුවන්ද අද නිදහස් කිරීමට නියමිත බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...