නිව් ඇන්තනීස් ෆාම්ස් ශ්‍රී ලංකාවේ පළමු හරිතාගාර වායු  විමෝචන සහතික ලත් සත්ත්ව පාලන සමාගම බවට පත්වෙයි 

Date:

සේයා රුව:

  1. නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ සභාපති/ සම නිර්මාතෘ එමිල් ස්ටැන්ලි (වමේ) සහ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර (දකුණේ) යන මහත්වරු 

මෙරට සත්ත්ව පාලන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අනුගමනය කරන ගෝලීය පිළිගැනීමක් ඇති තිරසාර භාවිතාවන් අගයමින්, ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූල, හරිතාගාර වායු විමෝචනය ප්‍රමාණනය කිරීම පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට නෙදර්ලන්තයේ Control Union ආයතනය පසුගියදා පියවර ගත්තේය.  

මේ සමඟ, හරිතාගාර වායු විමෝචන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සහතික ලත් පළමු සහ එකම සත්ත්ව පාලන සමාගම බවට පත්වීමට ද නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම සමත්විය. නිව් ඇන්තනීස් ෆාම්ස් යනු සිය සමස්ත සැපයුම් දාමය තුළම හරිතාගාර වායු විමෝචනය කිරීම පිළිබඳ දැඩි අවධානයකින් ක්‍රියාකරන සමාගමකි. මෙසේ හරිතාගාර වායු  විමෝචනය අවම කිරීමේදී, බලශක්ති පිරිමැස්ම, වගකීම් සහගත ලෙස කසළ බැහැරකිරීම, සූර්ය බලශක්ති භාවිතය, ස්වංයක්‍රීයකරණය තුළින් කඩදාසි භාවිතය අවම කිරීම ආදී පියවර රැසක් අනුගමනය කෙරේ. 

”ආරම්භයේ පටන් පරිසර හිතකාමී යහපත් භාවිතාවන් අනුගමනය කිරීම ගැන අපි මහත් සේ ආඩම්බර වෙනවා. එමෙන්ම, හරිතාගාර වායු විමෝචනය පිළිබඳව ලබාගත් මෙම සහතිකයත් අපගේ ගමන්මඟ තුළ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරනවා. එය අප සමාගමට පමණක් නොව ශ්‍රී ලංකාවේම සත්ත්ව පාලන ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක්. තව ද, කාබන් විමෝචනය අවම කරමින්, අනාගත පරපුර වෙතත් පරිසරය ආරක්ෂා කරදීමට අප සතු ශක්‍යතාවත්, කැපවීමත් මේ හරහා මැනවින් පිළිබිඹු වෙනවා”, යනුවෙන් මෙම සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් නිව් ඇන්තනීස් ෆාම්ස්හි සභාපති සහ සම නිර්මාතෘ එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය. 

තව ද මෙම හරිත සහතිකය, සමාගමේ ’හරිතහරි’ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් ලැබුණු ඇගයුමක් ලෙස හඳුන්වාදීම නිවැරදි ය. ’හරිතහරි’ කුකුළු මස් නිෂ්පාදනය යනු ස්වාභාවික නැවුම්බව, රසය හා සුවඳ මෙන්ම කුකුළු මස් සතු නිසි පෝෂණය ද නිවැරදිව අඩංගු නිෂ්පාදනයකි. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු, හරිතහරි කුකුළු මස් නිෂ්පාදනය කෙරෙන්නේ, සියයට සියයක්ම ස්වාභාවික ක්‍රියාවලියකින් වන අතර, දැඩි ජෛව ආරක්ෂණ පියවර අනුගමනය කරමින් එහි සෞඛ්‍යාරක්ෂිතබව මෙන්ම ප්‍රතිජීවක රහිත බව ද සහතික කෙරේ. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලයේ සත්ත්ව සුබසාධන, ආරක්ෂක හා සෞඛ්‍ය ප්‍රමිතීන්ට ද යටත්ව මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවේ. 

”පරිසර හිතකාමීත්වය හුදෙක් සමාජ වගකීමකට එහා ගිය සදාචාරාත්මක බැඳීමක් සහ අවශ්‍යතාවක් බව අපේ හැඟීමයි. අපගේ සම්මාන සහ ඇගයුම් ගොන්නට එක්වුණු මෙම නවතම සහතිකය, සියලු දෙනාගේ යහපත සලසන හොඳම කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් වූ දිගු ගමනක මූලාරම්භය සනිටුහන් කරනවා”, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේය. 

අන්තර්ජාතික GMP, HACCP, සහ ISO 22000 මෙන්ම දේශීය හා ජාත්‍යන්තර හලාල් සහතික ද ලබාගත් නිව් ඇන්තනීස් ෆාම්ස්, සාම්ප්‍රදායික ප්ලාස්ටික් සහ පොලිතීන් ඇසුරුම්වලින් තොරව කාබනික ඇසුරුම් සිය නිෂ්පාදන ඇසුරුම්කරණ ක්‍රියාවලියට යොදාගත් පළමු දේශීය කුකුළු මස් නිෂ්පාදන සමාගම ද වේ. වර්ෂ 1986දී ආරම්භ වුණු සමාගම, ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ ඉහළ සාර්ථකත්වයක් හා වර්ධනයක් මෙන්ම විශ්වාසය හා ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මහත් කිර්තියක් ද අත්කරගෙන සිටියි. තම පාර්ශ්වකරුවන් සමඟ පවතින ශක්තිමත් හා සුහදශීලී සබඳතාව තුළින් ද එය මැනවින් විද්‍යාමාන වේ. මේ වනවිට අපනයන වර්ධනය කේන්ද්‍රකරගත් ක්‍රමෝපාය සැලසුමක් සමඟ සිය නිෂ්පාදන ධාරිතාව නැංවීමට ද සමාගම පියවර ගෙන ඇත. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...