අද අපහාසයක් කියල දැනුණත් යම්කිසි දවසක ඔවුනුත් අපව සහෝදරත්වයෙන් වැළඳගනු ඇති!

Date:

කොළඹ LNW: පසුගිය කැබිනට් සංශෝධනයේදී ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා දිවුරුම් දුන් අතර අනතුරුව එම පත්වීමට එරෙහිව සමාජ මාධ්‍යවල ජාති හා ආගමික පදනමින් කිසියම් සීමිත කණ්ඩායමක් විසින් විවේචන එල්ල කරන ආකාරයක් දක්නට ලැබුණි.

අද (13) දින මුනීර් මහතා එම අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව විෂය භාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී එම විවේචනයන්ට සාධනීය ලෙස ප්‍රතිචාර දක්වන ලදී.

ඒ අනුව සංහිඳියාවෙන් යුතු පරිවර්තනීය රටක් වෙනුවෙන් තවදුරටත් මහත් පරිශ්‍රමයෙන් ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

”අපි ආණ්ඩු බලය ලබාගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවල තියෙනවා. මේක පුංචි රටක් වුණාට සංකීර්ණ ඇවතුම් පැවතුම් තියෙන රටක් අපේ රට. ඒ නිසා අපේ ජන ප්‍රජාව තමන්ගේ රුචිය අනුව තම තමන්ගේ ප්‍රඥාව දැනුම, අත්දැකීම් අනුව තමයි කටයුතු කරන්නේ. සහ ප්‍රකාශ නිකුත් කරන්නේ. ඒ ප්‍රතිචාර වලින් ටිකක් මම කියෙව්වා. වෙහෙස හින්දා කියෙව්වේ නැහැ ඉතුරුවා. එයින් මට හැගුනේ සහෝදරයා අපි ඉදිරියේ තවත් කොච්චර වගකීමක් ඉතුරු වෙලා තියෙනවද කියල. ආණ්ඩු බලය ලබාගත්තට මුළු සමාජයේම සිතුම් පැතුම් පරිවර්තනය කරගන්න තවම කාලයක් ලැබිල නැහැ. ඒ ප්‍රතිචාර කියවද්දී මම හිතුවේ තව මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියල. ඔබතුමයි, මමයි, ගමගෙදර ඇමැතිතුමයි එකතු වෙලා එක පවුලක් වගේ මේ මහා ආගම් හතර දරාගෙන සිටින ජන සමාජය ඉතාම හොඳින් ගනුදෙනු කරන්න ඕනේ. එසේ වුණොත් විතරයි කිසියම් දවසකදී ඒ ජන ප්‍රජාව මේ සත්‍ය වටහා ගෙන අපේ පවුලට එකතු වෙලා එබඳු ප්‍රතිචාර තවදුරටත් නොදක්වන සමාජයක් හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි ඒවා දිහා කලබල වෙලා බලන්න ඕනේ නෑ. මොකද මිනිස් සමාජයක් පරිවර්තනය කරගන්නවා කියන්නේ මහා කටයුත්තක්. ඒකට ගොඩක් කල් යනවා. අධ්‍යාපන ඇමතිතුමිය මේ දවස්වල කතා කරන අධ්‍යාපන ප්‍රතිපත්තියට ගැලපෙන දේශයක් හදාගෙන එබඳු තැනකින් ඒ මහා සංහිඳියාව, සහෝදර ප්‍රේමය වගාකරගත්තු පුරවැසියන්ගෙන් අපේ රට පිරිච්ච දවසට මෙහෙම ප්‍රතිචාර අපට දක්නට ලැබෙන එකක් නැහැ. ඒ ගැන අපි හැමදෙනාටම තියෙන්නේ බොහොම මැදහත් අදහසක්. මොකද අද සමහර විට ඒවා අපහාසයක් ලෙස දැනුනත් යම් දිනෙක අපි මේ රට යම් තැනකට ගෙනාවට පස්සේ ඒ අයත් සහෝදරත්වයෙන් අපව වැළඳ ගනීවි” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඉපැදී ශ්‍රී ලංකාව අවසාන තරගයට සුදුසුකම් ලබයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව සිම්බාබ්වේ...

2016 ගංවතුරට වඩා වැඩි ගංවතුරක් හෙට (29)රාත්‍රියේ කොළඹට ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ත්‍රිවිධ හමුදා ආරක්ෂක...

ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ගන්න පොලීසියෙන් අංකයක්!

කොළඹ LNW:ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා පොලීසිය...

ගංවතුරට මැදි වූ මහව සහ එළුවන්කුලම ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්!(PHOTOS)

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්වය හමුවේ මහව සහ එළුවන්කුලම...