අල්ලස් කොමිසම අවුරුදු 15කට පෙර සිද්ධියක් ගැන හිටපු ජනපති මෛත්‍රීගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ සිටියේය.

ඒ, එම කොමිසම විසින් කරන ලද කැඳවීමක් අනුව ය.

එහිදී පැය පහක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා පස්වරු 02.00 ට පමණ එම ස්ථානයෙන් පිටව ගියේය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මෙසේ ය.

“කැඳවීමක් කරලා තිබුණා මීට අවුරුදු 15කට විතර පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට සම්බන්ධ ආයතනයක සිදුවෙච්ච වංචා දූෂණයක් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තමයි මට එන්න කියලා කරගත්තෙ. ඉතින් ඒක නිසා මම ඒ පැහැදිලි කිරීම කළා”

ප්‍රශ්නය – දැන් ඉතින් නිතර කැඳවීම් කරනවා නේද අල්ලස් කොමිසමෙන් ?

“ඔව්, ඒක ඉතින් ගාණක් නෑ … අපි ඉතින් එන්න එපැයි එන්න කිව්වාම. ඒක රටේ නීතියනෙ. ඒකෙ දෙයක් නෑ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...