බොක්සිංවලටත් ඇමතිගේ පාලනයක්?

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 14, කොළඹ LNW:

මේ වන විට අසාර්ථවෙමින් තිබෙන බොහෝ ක්‍රීඩා පරිපාලන ක්‍රීඩා අමාත්‍යංශයේ තබාගෙන ප්‍රශ්න වැවීම සිඳුවෙමින් ඇත.මේවා නිරාකරණය කර දැඩි අවවාද දී මාර්ග සිතියමකට අනුව වැඩ කිරීමට පැවරීමන් විය යුතුය.සමහර විට වැරදි විශාල ප්‍රමාණයක් ඇත්නම් ඒවා නිරන්තර අධීක්ෂණයට අමාත්‍යංශයට වැඩ පිළිවෙලක් සකසා පවතින ව්‍යස්ථාව අනුව කියා කිරීමට එම ක්‍රීඩා සංගම්වලට අයිතිය ලබා දිය යුතුය.එහෙත් නිරාකරණය කර ත සරල ප්‍රශ්න එසේ තිබියදී අමාත්‍යවරයා තයමත් ඇති වී තිබෙන නරක තත්ත්වය නිරාකරණය කරන්නට ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනයට අතුරු කමිටුවක් ගෙනත් නැත.

අමාත්‍යවරයා ලංකාවේ බොක්සිං ‘මාරයි‘ කියා කියමින් දැල්වෙන තරු එළි මැද ප්‍රධාන ආරාධිතයා ලෙස කටයුතු කරද්දී ඒවායෙන් මහත් අභිමානයකට ලක් වන්නට ඇත.ඒ එළියෙන් දැස් අන්ධව ලංකාවේ බොක්සිංවල දේවල් නොපෙනෙන ගාණට සිටියාට දැන් තරු පෙණෙන මට්ටමට පැමිණ ඇත.

තමාට මල්මාලා දමන සභාපතිවරයාගේ බොක්සිං පරිපාලනය කොළවලට ගණන් හිලව් ගෙන නැත.ගණකාධිකාරීවරයෙකු වන ක්‍රිඩා ඇමතිට සිය වෘත්තීමය අත්දැකීමෙන්ම මේ වැඩේ කෙතරම් බරපතලද යන්න තේරුම් යන කොට විනාශකාරී මාවතේ බොක්සිං බොහෝ දුර ගොස් තිබේ.ආචාර්ය වුව ද එම දැණුම කුමනාකාරයේ යොදා ගන්නවාද කියන ගැටළුව තව දුරටත් තහවුරු වන්නේ ජාත්‍යන්තරයෙන් ලැබුණ මිලියන පහක් පමණ වටිනා බොක්දිං කවය මේ වන විට මිලියන දෙකක පමණ ප්‍රමාද ගාස්තු ද සමඟ රට තුළට නොපැමිණ හිර වී තිබෙන නිසාය.

විදේශ ගමන් සඳහා ක්‍රීඩක කණ්ඩායම් නිසි අවසරයකින් තොරව යැවීමේ බරපතල තත්ත්වය තුළ රටක් හැටියට මුහුණ පාන්නට සිඳුවන අපහසුතා දැන් ඇමතිවරයාට තේරුම් ගොස් තිබෙන පාටය.ඒ නිසා අද බොක්සිං මහා සභාවක් පවත්වා නැවත මේ කණ්ඩායම බලයට එයිද?එසේත් නැත්නම් එහිදී විරෝධයක් මතුව බලයේ සිටින කණ්ඩායමට ඉවත්ව යන්නට වෙයිද?

යමෙකු පවසන්නේ ත්‍රිවිධ හමුදාවේ සහයෙන් සමහර විට සභාපතිවරයාගේ නායකත්වයට එරෙහි වන්නන් මැඩලීමට ද ඉඩ ඇති බවය.බොක්සිං කවයෙන් මෙපිට ක්‍රීඩා විනය නොමැතිව ගුස්ති අල්ලන්නට තරමට මේ හුටපටය දියුණු වී ජාත්‍යන්තරයට අපකීර්තිමත් ප්‍රවෘත්ති ගලා එන තත්ත්වයකට ලංකාවේ බොක්සිං පත්වන තුරු බලා සිටිනවා ද,දැන්වත් බොක්සිංවලින් දැමූ මල්මාලය ගලවා මේ තිබෙන තත්ත්වය සමනය කර ගන්නට අතුරු කමිටුවකට යනවාද යන්න අමාත්‍යවරයා තීරණය කළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...