හිටපු අමාත්‍ය මනූෂගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW :

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත  මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් ලබා දුන්නේය.

හෙට (15) දින මනූෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් කර තිබුණි. 

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...