ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් මෙරට සිව්දින නිල සංචාරයකට …

0
686

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් මෙරට සිව්දින නිල සංචාරක නිරත වීමට නියමිත බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ඔවුන් හෙට (26) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ආසියාව සඳහා වන ඇමරිකානු නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම්වරයා සහ දකුණු හා මධ්‍යම ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා ද එම දූත පිරිස අතර සිටින බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

RN