*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ හෙට ක්‍රිකට් ජය ගනියි

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගත්තේය.එය ක්‍රිකට් වශයෙන් රටට වැදගත් ජයග්‍රහණයකි.එසේම රටක් හැටියට පරාජය වී සුසුම් හෙළන ජනතාවක් සිටින රටකට යම් ආකාරයක දුලබ සතුටක් ඇති කිරීමකි.එසේම ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් පරාජය වි ඇති රටක ඒ පරාජය අවසාන වශයෙන් සෑහෙන පිරිසකට ස්වභාවික ආර්ථික පරාජයක් තරමට ඒත්තු යන විදිහෙ චිත්‍රයක් පෙන්නා ආණ්ඩුවද සුළු තාවකාලික ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය.
මේ ජයග්‍රහණය වඩා වැදගත් වන්නේ කණ්ඩායමේ වයස් සාමාන්‍ය සළකන විටය.ශ්‍රී ලංකා කණ්ඩායමේ වයසේ විහිදීම අවරෝහණ ආකාරයට සැළකිල්ලට ගත් විට දිනේෂ් චන්දිමාල් (32) සිට දුනිත් වෙල්ලාලගේ(19) දක්වාය.කණ්ඩායම් සංචිතයේ සිටින වයස 30 සිට එහාට විහිදි ක්‍රීඩකයෝ ගණන 7 කි.ඒ මේ තරගාවලිය වෙනුවෙන් පෙළ ගස්වා සිටි 21 දෙනෙකුගෙන් යුත් සංචිතය සළකන විට කණ්ඩායමේ වයසේ සාමාන්‍ය තිහට අඩු අගයක් ගන්නා බවට සාධකයකි.වයස 30 සපිරි ක්‍රීඩකයන්ගෙන් තරග සියල්ලටම ක්‍රිඩා කළේ නායක දසුන් ශානක පමණි.ඒ අනුව තරග වැදි ක්‍රීඩක සංයුතිය තරගයෙන් තරගයට සළකා බලන විට මේ තත්ත්වය තවත් තරුණ වෙනු නිසැකය.
එසේම පළමු වරට ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගත් දුනිත් වෙල්ලාලගේ තරගාවලිය නිමා කරන්නේ දෙපිළේම වැඩිම කඩුලුලාභියා වෙමින්ය.ඔහු තරග පහ තුළ ලකුණු 201 ට කඩුලු නවයක් දවා ගන්නේය.වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 249 ක් රැස් කර තරගාවලියේ වීරයා වන කුසල් මෙණ්ඩිස්ට තවම 27 කි.එසේම එම පෙළගැස්මේ දෙවන සහ තෙවන තැන සිටිනි ප්‍රභාත් නිශ්ශංකට සහ චරිත් අසලංක තවම 24 ගැටයෝය.
මේ තරගාවලියේ කණ්ඩායමෙන් එළියට වෙන්නට ඇති මතයට අනුව චාමික කරුණාරත්න යනු උනන්දුවා ය.අද විනිසුරුවරයෙක් වන කුමාර ධර්මසේන ද ක්‍රීඩා කරන අවධියේ හැඳින් වූයේ උනන්දුවා ලෙස ය.චමික උනන්දුවාට නිසි ලෙස කණ්ඩායම නොසළකන බව ද සමහර විට ඇහෙන්නේ උනන්දුවන්ට ප්‍රේක්ෂකයන් ආදරය කරන බැවිනි.නමුත් පෙණුමට අවශ්‍යයම අවස්ථාවල චාමිකව පන්දු යවන්නට ප්‍රමාණවත් ලෙස යොදා නොගන්නා බව සහ නිසි අවස්ථාවට නොකැඳවන බව යම් විචාරක අදහස්වලද කියැවෙන්නේය.අවස්ථා කිහිපයකදීම අවසාන පන්දු ඕවර් කිහිපයේ තීරණාත්මක ඉණිම දියත් කර ඇති චාමික කණ්ඩායහේ පිතිකරණ ලැයිස්තුවේ ඉහළට තල්ලු කරනු වෙනුවට නිතරම සිඳු වූයේ පහතට තල්ලු කිරීම ගැන ද විවේචන තිබිණ.
කෙසේ හෝ ඊයේ චාමිකගේ පිතිකරණයට හොඳ අවස්ථාවක් උදා වූයේ ලකුණු 61 ට ශ්‍රී ලංකා කඩුලු හයක් බිඳ වැටී තිබියදී පිටියට ඒමට ලැබීම නිසාය.එය වඩා වැදගත් වූයේ ඒ වන විට ඉණිමට නියමිත පන්දුවාර 50 න් 16. 4 ක් පමණක් යවා තිබියදී ය.චාමිකට හොඳ ඉණිමකට හුස්ම ගන්නට එහ තිබුණු ඉඩ හරහා ඔහු පහතට තල්ලු කිරීමේ විවේචනය කරන ප්‍රේක්ෂකයන්ගේ පැත්තට ධන ලකුණක් එකතු කළේය.ඒ පන්දු 75 දී ලකුණු 75 ක ඉණිමක් ගොඩ නඟමින් ලකුණු සියයකටත් අඩුවෙන් සිමා වෙතැයි සිතූ ශ්‍රී ලංකා ඉණිම 161 ක් දක්වා තල්ලු කරමින්ය.
එහිදී චාමික සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ප්‍රමෝද් මධුශාන්ව කළමණාකරනය කර ගනිමින් එම ඉණ්ම දියත් කළ අතර ඔවුන් දෙදෙනා නවවන කඩුල්ලට එකතු කළ සබඳතාවය ලකුණු 58 ක් විය.ප්‍රමොද් වගකීම් සහගත ආකාරයට පන්දු 52 ක් පුරා කඩුල්ල රැක ගනිමින් ලකුණු 15 ක් එක් කරන්නට සමත් විය.චාමික වඩාත් වැදගත් වන්නේ ඔහුට ලකුණු සියය සඳහා යාමට ඇති ඉඩට වඩා කණ්ඩායම ලකුණු 200 දක්වා ගෙන යාමේ අවශ්‍යයතාවය මත ලකුණු ලබා ගැනිමේ වේගය වැඩි කරන්නට ගොස් දැවී යාමය.නමුත් ඒ මොහොතේ චාමිකගේ ලකුණු සිය වෙනුවෙන් සහ කණ්ඩායමේ ලකුණු 200 වෙනුවෙන් චාමිකට තව දුරටත් හිතන්නට හැකි වූවානම් සමහර විට තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය 4-1 ක් වන්නට ද තිබිණ.ලකුණු 161 ප්‍රමාණවත් විය හැකි මට්ටමක පිඩනයකට ඕස්ට්‍රේලියාව හසු කර ගන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූ අතර ඇලෙක්ස් කැරි නොසිටියානම් එය එසේ වන්නට ද තිබිණ.චාමික තව පොඩ්ඩක් ඉවසුවානම් යන හැඟිම සාදාරණය වන්නේද එතැනදී ය.කෙසේ හෝ චාමික වරක් පන්දුවෙන් පෑ දස්කම් නිසා ද,වරක් පිත්තෙන් පෑ දස්කම් නිසා ද තරඟයේ වීරයා දෙවරක් දිනා ගනිමින් ඔහුට කන්ඩායම තුළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඇති තැන ස්ථාවර බව ප්‍රකාශ කළේය.චාමිකට ද තවම 26 කි.
කුසල් මෙණ්ඩිස් තරගාවලියේ වීරයා වීම පිටතින් ඇති කළ පීඩනයන්ගෙන් මෙන්ම ඔහු විසින් ඔහුව කළමණාකරණය කර ගැනීමේ අඩුපාඩුවලින්ද වින්ද ගැහැට යම් තරමක් දුරට සමනය කරගෙන ඇති බවට හොඳ ඉඟියකි.පෞද්ගලික ජීවිතයට අලුතින් එකතු වූ දරු සම්පත ද ඒ වගකීම ගැන ඔහුට හිතන්නට කරන්න යම් මානසික බලපෑම මත රැකියාව හොඳින් කරන්නට කුසල්ට දෙන පෙළඹිම ද වැදගත් වනු ඇත.
නමුත් තරග දෙකකදී ඔහු තමන්ගේ සීමාවන් පිළිබද අනවබෝධය නිසා දැවී ගියේය.ඒ ආකාරයට හිටි විකට් වීම තරමක් අස්වාභාවික දැවි යාමකි.එය වරක් සිඳු වූ පසුව ඇති කරන පීඩනය නිසා දෙවන වරද සිඳු වූවා වන්නට ද පුළුවන්ය.එහෙත් එසේ වීමේ තාක්ෂණික ගැටළුව උනන්දුවෙන් කුසල්ම ලහා නොගත්තොත් ජාත්‍යන්තර පිටියේ කුසල්ව දවා ගැනීම සඳහා හිටි විකට් සදහා පොළඹවන පන්දු යවන්නෝ උගුල් ඇටවීම හිඟ නොවනු ඇත.
කෙසේ නමුත් කුසල් ගැන ජාත්‍යන්තර කියවිම කෙතරම් ප්‍රබලද යන්න වටහා ගැනීම වැදගත්ය.තරගාවලියට පෙර ඇරොන් පිච් පැවසුවේ කුසල් වැනි පිතිකරුවෙක් කණ්ඩායමේ සිටීම ශ්‍රී ලංකාව පැත්තෙන් හොඳ තර්ජනයක් මතු කරන්නට හේතුවක් බවය.එය එසේම සිඳු වූ අතර ඔහු තරගාවලියේ වීරයා ද විය.දැන් වැදගත්ම කුසල් තමන් කවුද යන්න වටහාගෙන කටයුතු කිරීමය.
දුනිත් වෙල්ලාලගේ මේ තරගාවලයෙන් මතු වූ අලුත් බලාපොරොත්තුවය.කන්ඩායම තුළ මෙන්ම ඉදිරි තත්ත්වය රැක ගන්නට ඔහුට සිය සහෘදයන් මෙන්ම පවුලද වැදගත් සාධකයක් වනු ඇත.වැඩියෙන්ම වෙල්ලාලගේ මේ මොහොතේ තමන් සම්බන්ධයෙන් වගකීම ගත යුතු වන්නේය.ඔහුගේ සහෘදයන් ඒ ගැන හිතන්නට ඔහුව පෙළඹවීම වැදගත්ය.සමහර විට හරියටම තමන් කියවාගෙන කැප වුණොත් ඔහුට මුරලිදරන් ඉ්මවා යන්නට වයස තිබේ.පිතිකරණයේ ද ශ්‍රී ලංකාව බිහි කළ බොහෝ සුපිරි පිතිකරුවන් අභිබවා යන්නට හැකියාව තිබේ.බංගලාදේශය යනු සකීබ් අල් හසන් වන තරමට ඔහු ඇතැම් විට කරන බලපෑම කළ හැකි මට්ටමට කාලයත් සමඟ සංයමය සහ කැපවිම හරහා පත් විය හැකි ක්‍රීඩකයෙක් බවට දුනිත් වෙල්ලාගේ හැඳින්විය හැකිය.
චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජයග්‍රහණය සඳහා දායක වූ ඉණිම් කිහිපයක්ම ක්‍රීඩා කර තිබෙන බව අපි දනිමු.නමුත් ඔහු පැටි වියේ සිට පෙන් වූ සහ ඒ අනුව ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ක්‍රීඩකයා නිර්මාණය වි තිබෙන බව පෙණුනේ මෙම තරගාවලියේදි ය.විශේෂයෙන්ම සිව්වන තරගයේදී ඔහු රැස් කර ලකුණු 110 අතිශයින් පරිනත චරිත් තුළ සිටින පරිනත ක්‍රීඩකයා මතු කළ එකක් විය.19 වන පන්දු ඕවරයේ පිටියට පැමිණ 48 වන පන්දු ඕවරය තෙක් ඔහු කඩුල්ලේ සිටිමින් රැස් කළ ශතකයෙන් මුළු කණ්ඩායමකම ජයග්‍රහණ අපේක්ෂාවන් මුදුන් පමුණුවන්නට ඔහුට හැකි විය.දර ගනිමින්,වේගයෙන් සහ ඉවසිමෙන් චරිත් ක්‍රීඩා කර එම ඉනිම මේ තරගාවලියේ සමාන වන්නේ තෙවන එක් දින තරගයේදී පැතුම් නිශ්ශංක ක්‍රීඩා කළ ඉණිමට පමණි.
පැතුම් ජිවිතය විසින් ඇති කළ පීඩාවන්ගෙන් දරා ගැනීම පුරුදු කරපු ක්‍රීඩකයෙකි.බොහෝ දුෂ්කරතා මැද ක්‍රිකට් ගැසිම යනුම අභියෝගයකි.එහෙත් ඔහු එවා දරාගෙන ක්‍රිකට් මත්තේම ඉදීම යනු අමිල කැපවීමක්ය.කණ්ඩායමට පැමිණි පළමු දවසේ සිටම පැතුම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රාහී පැතුම් සපල කරන්නෙක් බව පැහැදිළි කර හමාරය.ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එක් දින තරගයකදී ක්‍රීඩා කළ හොඳම ඉණිම දියත් කරමින් අනාතගයට අදට වඩා ඔහු ගැන පැතුම් පතන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පැතුමක් දුන්නේය.
විසි හතර හැවිරිදි පැතුම් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරන්නට සුදුසු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කාලයක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තිබූ අර්බූදය නිමා කරන්නට ආ පැතුමකි.බොහෝ විට කණ්ඩායමට තරඟ අංශ තුනෙන්ම කුසල් හැරෙන විට දායකවන ක්‍රීඩකයා හැටියට මේ වන විටත් ස්ථාවර වි ඇති පැතුම් ටෙස්ට් තරගාවලියේදීත් එක්දින තරගාවලියෙන් ගොඩ නඟා ගත් විශ්වාසය මත ශ්‍රී ලංකා ක්‍රිකට්වල බොහෝ පැතුම් ඉට කරන්නට කටයුතු කරනු ඇතැයි බලාපොරෙත්තු තැබිය හැකිය.
නායකයෙක් ලෙස මේ ජයග්‍රහණවලට දසුන් ශානක මඟ පෙන්වීය.ඒ ගැන සැකයක් නැත.නමුත් ඔහු හැම විටම නිවැරදිම තිරණය ගත්තාදැයි කිව නොහැකිය.ඒ තත්ත්වය ක්‍රීඩකයෙක්ට නොව සාමාන්‍ය මනුස්සෙක් ගත්තත් ඒ ආකරයමය.නමුත් ක්‍රීඩකයෙක්ට,විශේෂයෙන් නායකයෙක්ට සාමාන්‍ය මනුස්සෙක්ට වඩා වැඩි වගකීමක් ඇති බැවින් දසුන් ඉදිරියේදී නිවැරදිම තීරණයේ පිහිටා ක්‍රියා කිරිමේ ප්‍රතිශතය වර්ධනය කරගත යුතුය.නමුත් ඔහු කණ්ඩායම එක හූයට ඇමිණූ මුතු පොටක් සේ ගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනාකමක් එකතු කරන ක්‍රීඩකයෙකි.ඒ කණ්ඩායම එකට රඳවා තැබා ගැනීමේ සුහදශීලී නායකත්වය හෙට තවත් දේ හ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි සිතිය හැකිය.
ඉහත ක්‍රීඩකයන් කිහිප දෙනා විශේෂ කොට දැක් වුව ද සියල්ලෝම. විශේෂ කොට ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලිය ජයගන්නට මහත් කැපවීමෙන් කටයුතු කළහ.එය අද දවසට මේ මොහොතට පමණක් සිමා වූ ජයක් සේ ගත නොහැකිය.තීන්ත බිඳුවක් නිදහසේ සමතල මතු පිටක අත හැරිය විට පල්ලමක් අවශ්‍යය නැත.එය විසිරි ගලා යයි.ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව පෙන් වූයේ ප්‍රතිවාදියාගේ පළල අදාළ නැති බවය.තමන්ට එකතු වන්නේනම්,තමන්ට තහවුරු කරගත හැකි විශ්වාසයක් ඇත්තේනම් ඔවුන් කුමානාකාරයෙන් ගත්තද පරාජය කරන්නට අපහසු නැති බවය.
අපිට හෙට දවසට එකතු කළ ක්‍රිකට් බලාපොරොත්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු අතර,ඔවුන් සියල්ලන් හැඳෙන ගස් බව දැන හොඳින් රැක ජාතික තලයට ගේන්නට සුදුසු බවට නිර්දේශ කළ යොවුන් තේරිම් කමිටුවටද තුති පුද කළ යුතුය.මුල අවුල්නම්, අතු පතර රසවත් විසල් පල හටගන්නේ නැත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan