කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු අත්අඩංගුවට: හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW :

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ , රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සිය සැමියාට තහනම් භාණ්ඩ අයත් පාර්සලයක් ලබාදෙන ලෙසට කාන්තාවක් විසින් එම නිලධාරියාට දැනුම් දී ඇති බව වාර්තා වන අතර, ඒ සඳහා රුපියල් 35,000ක මුදලක් ලබාදීමටද අදාළ කාන්තාව ජේලර්වරයාට පොරොන්දු වී තිබෙන බව සඳහන් වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව එම කාන්තාව අදාළ පාර්සලය කලුතර බන්ධනාගාරයේ රැඳවියන් පෙන්වනු ලබන ස්ථානයේ කසල බඳුනට දමා ඇති බවයි . එය සොයාගත් කළුතර බන්ධනාගාර නිලධාරීන් විසින් එම පාර්සලය කළුතර උතුර පොලීසිය වෙත භාරදි තිබෙන බව පැවසේ. පොලීසිය පැවසුවේ, එහි තිබී ජංගම දුරකතනයක්, හෙරොයින් ග්‍රෑම් 12 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සොයාගත් බවයි.

ඒ අනුව සිදුකරන විමර්ශන හමුවේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පොලීසිය පැවසුවේ, සැකකාරියගේ දුරකතන වාර්තා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ බන්ධනාගාර ජේලර්වරයාද අත්අඩංගුවට ගත් බවයි .

එම නිලධාරියා මීට මාසයකට පෙර කළුතර බන්ධනාගාරයේ රාජකාරී සදහා අනියුක්ත කර තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.

මේ අතර හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සමග සැකකරුවෙකු පොළොන්නරුව, මාඔය, බැදිවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වේ.ඒ, පොළොන්නරුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මනම්පිටිය නිල සුනඛ ඒකකයේ නිලධාරීන් සමග සිදුකළ වැටලීමකදීයි.පොලීසිය පැවසුවේ, එහිදී සැකකරු සන්තකයේ තිබී හොරොයින් ග්‍රැම් දෙකයි මිලග්‍රෑම් 300ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් තිස් ලක්‍ෂ විසි හතරදහස් නවසියයක මුදලක් සොයාගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු බැදිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...