යූරියා නැවත් දවස් දෙකක් ප්‍රමාදයිලු !

මෙම කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග රැගත් නෞකාව ජුලි මස 06 වැනිදා මෙරටට ලඟාවන බවත්, පොහොර ගොඩබෑ වහාම ගොවීන් අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ආණ්ඩුවේ බළධාරීන් ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් කොමර්ෂල් පොහොර සමාගම පවසන්නේ පොහොර රැගත් නෞකාව පැමිණීම තවත් දින දෙකකින් පමණ ප්‍රමාද වියහැකි බවයි.

ඕමානයේ සිට ඉන්දියාව බලා පොහොර තොග රැගෙන එන නෞකාවකින් මෙරටට යූරියා පොහොර ගොඩබෑමට නියමිතව තිබූ නමුත් අදාල නෞකාව ප්‍රමාද වන බවයි මෙරට බළධාරීන් වෙත දැනුම් දී තිබෙන්නේ. ඒ අනුව වෙනත් නෞකාවකින් පොහොර තොග ශ්‍රී ලංකාවට වෙත පැමිණෙනු ඇත.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට හිමි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...