කැබිනට් එකේ හිටියත් මම තාමත් ඉන්නෙ අරගලය එක්ක – හරීන්

Date:

ආණ්ඩුවට සම්බන්ධ වී ඇමති තනතුරක් ලබා ගත්තේ රට වැටී තිබෙන ආගධයෙන් ගොඩ ගැනීමේ වගකීමට උරදීම සඳහා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සමගි ජන බලවේගයේ සිටියේ නම් මේ වනවිටත් ආණ්ඩුව පෙරළා ප්‍රධාන කැබිනට් තනතුරක් ගැනීමට අවස්ථාව තිබියදී එසේ නොකළේ ජනතාවගෙන් පළි ගැනීමට නොහැකි නිසා බවද ඇමතිවරයා පවසනවා.

මේ වනවිට රට වැටිය හැකි උපරිම තත්වයට වැටී රට හාන්සි වී ඇති බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ එවැනි අවාසනාවන්ත මොහොතක පවා ඇතැමුන් පක්ෂ දේශපාලනය බදාගෙන සිටින බවයි. ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර රටේ ජනතාව ගැන සිතිය යුතු බවත්, ජනතාව ජීවත්ව නොමැති රටක ආණ්ඩු බලය අත්පත් කර ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පවසනවා.

තමා කිසිවිටෙකත් අරගලය පාවා දී හෝ අරගලය අතහැර නොමැති බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ තමා තවමත් අරගලය සමග එක්ව සිටින බවයි. කැබිනට් මණ්ඩලයේ සිටිමින් තමාද අරගල කරන බවත්, 21 වැනි සංශෝධනය ගෙන ආවේ එවැනි දැවැන්ත අරගලයකින් පසුව බවත් ඔහු පවසනවා.

ගෝඨා ගෝ හෝම් කියා අරගල කළ පමණින් ජනාධිපතිවරයාට ගෙදර යා නොහැකි බවත් එක ක්‍රමාණුකූළව සිදුවිය යුතු බවත් ඇමතිවරයා සඳහන් කරයි. මේ වනවිටත් රාජපක්ෂලාගෙන් තොර කැබිනට් මණ්ඩලයක් පත්කර ඇති අතර ඉන් ඉදිරියට සිදුවිය යුතු වෙනස්කම්ද ක්‍රමානුකූලව සිදුවන බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...