වෙච්ච දේ ගැන රජයට කණගාටුයිලු! සෙසු සේවා අත්හිටුවමින් ජූලි 10 තෙක් ඉන්ධන බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.(VIDEO)

Date:

අද (27) මධ්‍යම රාත්‍රියේ පටන් ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කරන බව රජය පවසයි.

අද දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ අද සිට ජූලි 10 වන දින තෙක් තෙල් සංස්ථාව මඟින් ඉන්ධන නිකුත් කිරීම සිදුවන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වන බවයි.

ඒ අනුව, වරාය, සෞඛ්‍ය සේවය, අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීම සහ කෘෂි නිශ්පාදන බෙදා හැරීම වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන බෙදා හැරීම සිදුවනු ඇත.

තෙල් හා ගෑස් අඛණ්ඩ ලෙස සැපයීමට එළඹෙන ජූලි 10 වන දිනෙන් පසුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අන්තර් පළාත් ගමනාගමන සේවා තාවකාලිකව නවතා දමන බව ද හෙතෙම පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...