මේ ලොක්ඩවුන් එකක් නෙවෙයි, ජුලි 10න් පසු සාමාන්‍ය තත්වයට ගේන්නයි යන්නේ – හරීන් (VIDEO)

Date:

පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම නවතා දමමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඇතිවූ තත්වය “ලොක්ඩවුන්” තත්වයක් යැයි වරදවා වටහා නොගන්නා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“රටක් හැටියට අපි මේ මොහොතේ විශාල කැපකිරීම් රාශියක් කරපු කණ්ඩායමක්. රටක් විදියට අපි විශ්වාස කරනවා රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් සහයෝගය ලබාදෙයි කියලා. විශේෂයෙන්ම මේකට හේතුව පසුගිය දවස්වල අපි ඇනවුම් කළ ඉන්ධන තොග සීමිත වීම සම්බන්ධයෙන් රටේ උද්ගතවෙලා තියෙන ව්‍යාකූල තත්වය. ඒ නිසා අපි මූලික වශයෙන්ම කල්පනා කරන්නෙ ජුලි 10 වනදායින් පස්සේ මේ රට සාමාන්‍ය ලෙස පත්වාගෙන යන්නට අවශ්‍ය ඉන්ධන සියලු දේ මේ දවස් කිහිපයේදී එක්‍ රැස්කර ගැනීම සහ ඒවා අවශ්‍ය විදියට බෙදාහැරීමේ කළමනාකාරීත්වය කරන්න. අත්‍යාවශ්‍ය සේවා කිව්වාම ආහාර පාන බෙදාහැරීම්, අන්තර්වාර ප්‍රවාහනය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු ඉන්ධන ලබාදීම, ඒ වගේම ගුවන්යානාවලටත් සංචාරකයින්ටත් අවශ්‍ය කටයුතු ඒ අයුරින්ම සැපයෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් වරදවා තේරුම් ගන්න එපා, මේක ලොක්ඩවුන් එකක් නෙවෙයි. මේක හැබැයි නිවසේ සිට වැඩකිරීමක් ජුලි 10 වෙනිදා වෙනකල්. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ ඒ පළාතේ රැඳීම තමයි. ඒ පළාතේ රැඳීම තුළදී තමන්ගෙ බඩුගන්න තියෙන කඩ, ෆාමසි ඒ සියලු දේවල් සාමාන්‍ය පරිදි සිදුවෙනවා”

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...