මම ඇමතිකම ගත්තේ මසකට මිලියන 50 ගාණේ පුද්ගලික ධනයෙන් වියදම් කරන්න බලාගෙන – ධම්මික (VIDEO)

Date:

තමන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය භාරගත්තේ එහි කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා තම පුද්ගලික ධනයෙන් මසකට රුපියල් මිලියන 50 බැගින් වියදම් කිරීමට මුදල් වෙන්කරගෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

“එකක් තියෙනවා, ඔය ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඒක හින්දා මේ ඇමති ධුරයේ වැඩ භාරගත්තේ මගේ පුද්ගලික සල්ලිත් මාසෙට මිලියන 50 ගාණේ දානවා කියලා හිතාගෙන. ඉතින් ඒක හින්දා ඒ වගේ සල්ලියකින් මට ඒ ඕනෙ දෙයක් කරන්න පුළුවන්. මං ඒ වගේ බජට් එකක් මං වෙනුවෙන් වෙන් කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තෙ. නැතුව ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තුවෙන් නෙවෙයි. මාසෙකට මිලියන 50ක් මම මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික ධනය දානවා. ගන්න ඕනෙ ඒවා මේ ටෙන්ඩර් කෝල් කර කර මාස තුනක් ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනෙ ධම්මික පෙරේරා කියන්නෙ ? මට දැන් ඕනෙ නම් හවස් වෙනකොට ගන්න ඕනෙ. එතකොට හවස් වෙනකොට ආණ්ඩුවෙ සල්ලිවලින් ගන්න බෑනෙ ? එතකොට පුද්ගලික සල්ලිවලින් තමයි ගන්න ඕනෙ. ඉතින් මම ඒ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තේ”

අමාත්‍ය ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...