කාංචන තරම් විහිළුවක් තවත් නැහැ! (VIDEO)

2020/2021 කොරෝනා හේතුවෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වූ අතර මේ වන විට ආණ්ඩුවේ නොහැකියාව මත ඉන්ධන හිඟය හේතුවෙන් මේ වසරේදීද දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීමේ තත්ත්වයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.

ඒ, අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කර තිබෙන නමුත් අධ්‍යාපනය ඊට අදාළ වී නැති බවයි ස්ටාලින් මහතා පෙන්වා දුන්නේ.

එයටම සරිලන ආකාරයට කාංචන විජේසේකර අමාත්‍යවරයා පවසා ඇති පරිදි පාසල් විවෘත කළ හොත් අර්බුදය තවත් උඝ්‍ර වන බවට පවසා තිබීම තුළ ඔහු තරම් විහිළුවක් තවත් නැති බව හෙතෙම පැවසුවේය.

සෑම ආණ්ඩුවක්ම හොඳම දේ දරුවන්ට බව පැවසුවද අද වන විට දරුවන්ට කිසිම දෙයක් නොමැති තත්ත්වයට පත්ව තිබෙන බවද ස්ටාලින් මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...