අධිකරණයට අපහාස කිරීම: නීති සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

අධිකරණයට අපහාස කිරීමේ සිදුවීම්වලට අදාලව මේ වනවිට ක්‍රියාත්මක නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක් නොතිබීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ සිදුවීම්වලට අදාල නඩු කටයුතු විධිමත්ව සිදුකළ නොහැකි බව අමාත්‍යවරයා සිය කැබිනට් පත්‍රිකාව හරහා පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මෙහිදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ තිබිය යුතු සීමාවන් නිරවුල් කරගත යුතු බවද අධිකරණ අමාත්‍යවරයා පවසයි.

පසුගිය කාලසීමාව තුළ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නඩු පිළිබඳව සලකා බැලීමේදී දක්නට ලැබුණු අඩුපාඩු සැළකිල්ලට ගනිමින් මේ වනවිටත් නීති කොමිෂන් සභාව මගින් මූලික කෙටුම්පතක් සකස් කර ඇති අතර එම මූලික කෙටුම්පත පදනම්ව නව නීති සකස් කළයුතු බවට ඇමතිවරයා යෝජනා කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...