අත්‍යවශ්‍ය සේවා තීරණය කරන්නෙ කවුද ? කොහොමද ?

Date:

අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව ප්‍රවාහන, සෞඛ්‍ය, දුම්රිය, වරාය, ගුවන්තොටුපල, කෘෂිකර්ම යන සේවා සඳහා සහ ත්‍රිවිධ හමුදාව සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු ඇත.

මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිටත් රටේ පාර්ශ්ව රැසක විරෝධය එල්ල වී තිබේ. විශේෂයෙන් ජනමාධ්‍ය, ව්‍යාපාරික කටයුතු, ස්වයං රැකියා වැනි ක්ෂේත්‍ර සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට තීරණය කිරීම සාකච්ඡාවට බඳුන් වී තිබේ.

රටම දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටියදී අර්බුදයේ සැබෑ තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල කාර්යභාරයක් සිදු කරන අතර ඒ අනුව එයද ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් නැවත දැනුම් දෙනතුරු මාධ්‍යවේදීන්ට ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් නොමැත.

පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන්ම ස්වයං රැකියාවල නිරත පුද්ගලයන්ටද ඉන්ධන ලබා නොදීම හේතුවෙන් ඔවුන්ගේ රැකියා සහ ව්‍යාපාර කටයුතු අවදානමට ලක්ව ඇති අතර එම ක්ෂේත්‍රවල නිරත පුද්ගලයන් පවසන්නේ අත්‍යවශ්‍ය සේවා නම් කිරීම සඳහා යොදා ගන්නා නිර්ණායක මොනවාද යනුවෙනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...