විශ්‍රාමික ෆලයිට් සාජන් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW :

වයස අවු. 44ක් පමණ වන පුද්ගලයකු, දොම්පේ පොලිස් වසමේ නාගහදෙණිය, පාළුගම, දොම්පේ ස්ථානයේ දී කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 196, ග්‍රැම් 218 ක් සිය භාරයට ගත් බවයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක් වන දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය සඳහන් කළේ, , අත්අඩංගුවට ගත් පුද්ගලයා මහා පරීමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරවෙකු වන හා මෙරට තුල විවිධ ප්‍රදේශයන් වලට මත්ද්‍රව්‍ය බෙදා හරිමින් දැනට අධිකරණය මගහැර වරෙන්තු ලබා මෙරට සැඟව සිටින සෙම්බුකුට්ටි ආරච්චිගේ ඩිලාන් දනුෂ්ක ලක්මාල් නැමැත්තාගේ මස්සිනා වන බවයි .

මෙම සැකකරු ශ්‍රී ලංකා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ෆලයිට් සාජන්වරයෙකු ලෙස සේවය කර 2022 ජනවාරි මස විශ්‍රාම ලබා ගෙන ඇති පුද්ගලයෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දොම්පේ පොලිසිය විසින් සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...