ඉන්දියාවටත් වැස්ස

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 27,  කොළඹ LNW:

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවත් වූ තරග වැස්සෙන් සේදි ගිය ආකාරයට ඉන්දියාවට ද වර්ෂාව බාධාවක් වන ලකුණු පහළ වී ඇත.පූනේ කාලගුණය පෙන්වන තොරතුරු අනුව යම් වරසි අනතුරක් ලෝක කුසලානය කෙරෙහි තිබෙන බව පෙනෙන්නට ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක කළාපයකට අයත්ය.එහෙත් ශ්‍රී ලංකාවට දකුණු ඉන්දිය කාලගුණ තත්ත්වයන් සහ ඉන්දීය සාගරයේ වෙනස්වීම් සම්බන්ධයෙන් දැනෙන තරම් දේ ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකටම දැනෙන්නට තිබෙන ඉඩ කුඩාය.ඒ ඉන්දියාව ඒ තරමට විශාල නිසාය.


කෙසේ හෝ ඉන්දියාව අවසාන වරට සහභාගි වූ නවසීලන්තයට එරෙහි තරගයටද වැස්ස හරස් විය.එය හොඳ අතට විසදිණ.එහෙත් හැම මොහොතකදීම වර්ෂාව යනු නිවැරදිම තීරණයට සහ සැබෑ දක්ෂයා හඳුනාගන්න බාධාවක්ය.ඩක්වර්ත් ලුවිස් කෙරෙහි යොමු වූ විට තරගයේ සැබෑ තීරණය සහ ස්වභාවය වෙනස් කරන්නට ලැබෙන සැබෑ කාලය කණ්ඩායමකට අවාසිදායක ලෙස අහිමිවන්නට තිබෙන ඉඩ වැඩිය.


මේ වන විට ඉන්දියාවට ද දෙවන වරටද වර්ෂාවේ බලපෑම මත බංගලාදේශයට එරෙහිව වාර්තා කරන්නට තිබුණ ජය අහිමිව තීරණයක් නොමැති තරගයක් නිමා කර ඇත.මේ තරගය මෙන්ම මීට පෙර නවසීලන්තය පරාජය කළ තරගය ද,ඉදිරියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වන අවසාන පූර්ව තරගය ද,අවසාන තරගයද පවත්වන්නට නියමිත එකම ක්‍රීඩාංගණයකය.ඒ නිසා වැස්ස හරස්විමට තිබෙන අවදානම නොසළකා සිටින්නට නොහැකිය.
ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ චමත්කාරය විඳින්නට අපේක්ෂා කරන අයෙකුට කවුරුන් දිනුවද කවුරුන් පැරදුණ ද වැඩක් නැත.එය අතිශයින් පෞද්ගලික හැඟීමක යම් ප්‍රමාණයක් තිබෙන්නට හැකිය.හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් දැකීම විශාලම සතුටය.ඒ සතුට ක්‍රිකට් ස්වභාව ධර්මය ඉදිරියේ පරාජයට පත්ව විනාශවීමනම් කණගාටුදායකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...