පොලිස්පතිගේ ප්‍රකාශය ගැන සජබෙන් නිවේදනයක්!

0
261

කොළඹ LNW:කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් අවධාරණය කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟෙන බවයි.

එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන අතර එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙලා දකින බව නිවේදනය කර ඇත.

එම ප්‍රකාශයෙන් ඉස්මතු වන්නේ පැමිණිලිකරු චූදිතයා බවට පත්කිරීමත් වින්දිතයා අපරාධකරුවෙක් බවට පත්කිරීමේ උත්සහයක් බවද සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි.

ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව පොලිස්පතිවරයා කරනු ලබන ප්‍රකාශ ස්වාධීන පොලීසියක පැවැත්ම පවා ප්‍රශ්න කරනු ලබන බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.