පැරන්නන්ට ආයෙත් එන්න ඉඩ

0
388

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 28,  කොළඹ LNW:

මංචි ජාතික වොලිබෝල සූරතාවලිය දෙ‘අංශයකින් ක්‍රියාත්මක විමට නියමිතයි.ඒ සුපර් ලීග් තරග අංශය සහ බී කාණ්ඩයේ ජාතික තරගාවලිය ලෙසයි.සුපර් ලීග් තරග අංශයෙන් තරග වඳින්නේ ආරාධිත කණ්ඩායම් වන අතර එහිදී පිරිමි කණ්ඩායම් 10 ක් සඳහාත්, කාන්තා කණ්ඩායම් 8 ක් සඳහාත් ආරාධනා කර ඇත.


මෙම තරගාවලිය සමඟ එකට ක්‍රියාත්මක කරන බී කොටසේ ආධුනික වොලිබෝල් තරගාවලියට වැඩි අවධානයක් දීමට ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය බලාපොරොත්තු වේ.2023 සිට 2025 දක්වා වන වසර තුන තුළ ජාතික සංචිතයේ සිට නැත්නම්,ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ඉතිහාසයක් ඇති අයට,නැවත ක්‍රීඩා පිටියට පැමිණ තරගකාරීව ක්‍රීඩා කරන්නට අවශ්‍යයතාවයක් ඇත්නම් ඔවුන්ට ද,අවස්ථාව ලැබෙන සේ මෙවර බී කොටසේ තරගාවලිය ද ක්‍රියාත්මක වීමට නියමිතය.ඒ නිසා නව ශක්තිසම්පන්න ක්‍රීඩකයින්ට වැඩි අත්දැකීම් සහ පළපුරුද්ද සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හා උරෙනුර ගැටුමෙන් ජයග්‍රාහී වොලිබෝල් ජීවිතයකට අවශ්‍යය උපාය මාර්ගික කොටස් සමඟ ජයග්‍රාහී වොල්බෝල් හී තරගකාරී රිද්මය හඳුනා ගැනිමට ඉඩ සැකසෙනු ඇත.


මෙම බී කොටසේ තරග දිස්ත්‍රික්ක වශයෙන් පවත්වා ශූරතා/අනුශූර කණ්ඩායම් පළාත් තරඟ සඳහා ගෙන එන අතර පළාතෙන් ශූරතාව ලබාගන්නා පිරිමි / කාන්තා කණ්ඩායම ජාතික මට්ටමේ තරග සඳහා කැඳවනු ඇත.වයස් සීමාවකින් තොරව මෙම තරගාවලියට සහභාගි වීමේ අවශ්‍යයතාව ඇති අතර අනිවාර්යෙන් තරගකරුවන් එම කණ්ඩායම ඉදිරිපත් වන දිස්ත්‍රික්කයේ නිත්‍ය පදිංචිකරුවන් විය යුතුය.එසේම ආරාධිත කණ්ඩායම් සහභාගි වන සුපර්ලීග් කොටසට තරග කරන කිසිවෙකුට බී කාණ්ඩයේ තරග සඳහා සහභාගි වන්නට ද අවස්ථාව නැත.


පළාත් තරඟ 2025 නොවැම්බර් 22,23 මතුගම වලගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.ජාතික මට්ටමේ තරඟ 2025 දෙසැම්බර් 13,14 වාද්දූව පොතුපිටිය විදුහල් ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර අවසන් තරඟ පැවත්වෙන්නේ 2026 ජනවාරි 07 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාපිටියේදී ය.


මේ තරගාවලිය සමඟ දක්ෂයන් වර්ගීකරණයක් කිරීමට වොලිබෝල් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයේ ද සහය ඇතිව කටයුතු සකස් කර ඇති බව වොලිබෝල් සම්මේලන සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැද්දවත්ත ප්‍රකාශ කළේය.ඔහු පෙන්වා දුන්නේ මේ දක්වා එවැනි දත්ත එකතුවක් ඇති නමුත් එහි විධිමත්භාවයේ ඇති ගැටළුව නිසා නැවත මේ ආකාරයට ක්‍රියාත්මක වන්නට තිරණය කළ බවය.


අයදුම්පත්‍ර දිස්ත්‍රික් සංගම් හරහා මෙන්ම ද වොලිබෝල් සම්මේලනය ලබා ගත හැකි අතර පහත දක්වා තිබෙන QR කේතය මගින් ලබා ගත හැක.
සුපරි ලීග් තරගාවලියේ ආරාධිත කණ්ඩායම්වල පැමිණීම සහතික විමෙන් ඉනික්බිතිව දෙසැම්බර් 2,3,4,5 යන දින හතරේදී එහි මූලික තරග ගම්පහ වතුපිටිවල ක්‍රීඩාං සංකීරණයේදී පැවත්වෙන අතර එම තරගාවලියේ අවසාන තරග ද ජනවාරි 7 වන දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි පැවත්විමට කටයුතු සූදානම් කර ඇත.

සුපර් ලීග් තරගාවලියේ දී ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් හිමිවන අතර,අනු සූරතාවය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ද කෙවන ස්ථානයට රුපියල් පනස් දහසක් ද පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත.බී කාණ්ඩයේ සූරතාවයට රුපියල් ලක්ෂයකි.දෙවැන්නන්ට හැත්තෑපන දහසක් සහ තෙවැන්නන්ට රුපියල් පනස් දහසකි.විහේෂ කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහතික පත්‍ර සහ කුසලානවලින් ඇගයීමට කටයුතු සංවිධානය වී තිබෙන අතර බී කාණ්ඩයෙන් තරග වඳින කණ්ඩායම්වලට පළාත් සූරතාවය දිනා ගැනීමේදී රුපියල් 25000 ක මුදලක් හිමිවන බවද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දැණුම් දෙයි.

.