සංචාරක ඉලක්ක සපුරා ගැනීම වේගයෙන් ඉදිරියට – ඔක්තොබරයත් වාර්තා පොතට!

කොළඹ LNW:ඔක්තෝබර් මුල් දින 26 තුළ සංචාරකයෝ 137,876 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය තුළ දිවයිනට පැමිණි එක්ලක්ෂ දහතුන් දහස් එකසිය අසූ නවය සමඟ සසදා බැලීමේ දී 21.8% ක වර්ධනයක් බව දැක්වෙයි.

ඒ අනුව, ජනවාරි පළමුවැනිදා සිට ඔක්තෝබර් 26 වන දා දක්වා දිවයිනට පැමිණ තිබෙන මුළු සංචාරකයන් ගණන දහ අට ලක්ෂ හැට තුන් දහස් තුන්සිය හැත්තෑවක් ලෙස ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ පැමිණි පහළොස් ලක්ෂ අනූ හත් දහස් නවසිය අනූ හත සමග සලකා බැලීමේ දී 16.6% ක වර්ධනයක් ලෙස වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...