හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ මුදල් වැයකරමින් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත වූ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.

මෙහිදී රුපියල් ලක්ෂ 169ක මහජන මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කර තිබිණි.

ඒ අනුව පසුගිය අගෝස්තු 22 වනදා මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඔහුගේ අසනීප තත්වයන් සලකා ලබා අගෝස්තු 27 වනදා ඇප මත මුදාහැරිණි.

මෙම නඩුව සම්බන්ධ වැඩිදුර වාර්තා අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

2023 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටියදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් මෙසේ දින එකහමාරක් තුළ රුපියල් ලක්ෂ 169ක මුදලක් අවභාවිතා කළ බවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී ඇත.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කර තිබුණේ මෙම සංචාරය එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයෙන් ලද නිල ආරාධනයකට අනුව සිදුකළ නිල සංචාරයක් බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...