“ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ ශූරතාව කොළඹ ආනන්දෙට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

තායිලන්තයේ පැවති වයස අවුරුදු 17න් පහළ “ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ ශූරතාවය දිනාගත් කොළඹ ආනන්ද විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

එම කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

අදාල තරගාවලිය තායිලන්තය, මැලේසියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල සහභාගීත්වයෙන් පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණි .

“ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමේ නායක සුදම් ලියනගේ විසින් දිනා ගෙන තිබෙන බව වාර්තා වේ.