“ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ ශූරතාව කොළඹ ආනන්දෙට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

තායිලන්තයේ පැවති වයස අවුරුදු 17න් පහළ “ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ ශූරතාවය දිනාගත් කොළඹ ආනන්ද විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

එම කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

අදාල තරගාවලිය තායිලන්තය, මැලේසියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල සහභාගීත්වයෙන් පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණි .

“ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමේ නායක සුදම් ලියනගේ විසින් දිනා ගෙන තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...