එදා වේල ටුවර්ස් වැඩවලට අපි බය නෑ. NPP කියන්නේ යෝධ පවුරක් – නි. ඇමති වටගල

Date:

කොළඹ LNW: විපක්ෂයේ එදා වේල ටුවර්ස් වැඩවලට ආණ්ඩුව බය නොවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

විපක්ෂයේ එකතු වෙලා ඉන්න පිරිස්වලින් මහාධිකරණ නඩුවක්, අධි චෝදනාවක් නැති කෙනෙක් හොයා ගත නොහැකි අතර ඔවුන් ගොඩනගා ගෙන ඇත්තේ දංගෙඩියට යාමෙන් මුදවා ගැනීමේ පෙරමුණ බවයි වටගල මහතා සඳහන් කරන්නේ.

”මට කියන්න අධි චෝදනාවක් නැති, හයිකොට් එකේ නඩුවක් නැති කෙනෙක් එතන ඉන්නවද. ඒ එකතු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද දංගෙඩියට යාමෙන් මුදවා ගැනීමේ පෙරමුණ. දයාසිරි ජයසේකර කිව්වා කෙළින්ම සිරිකොතේ රැස්වීමක් කැඳවල අපි දැන් අඩුම තරමින් එකතු වෙන්න ඕනා ඒගොල්ලෝ දංගෙඩියට දැක්කා ගෙන යාමේ වැඩෙන් මුදාගන්න කියල. ඒ නිසා ඇටෝර්නි බලපත්‍රයේ ඉඳලා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බඩඉරිඟුවේ ඉඳලා, බෙදා දෙන්න තිබුණ සහනාධාර ටික ගසා කාපු මිනිස්සු නුගේගොඩ රැස්වීමක් කරන්න යනවා. ඒ නිසා අපි බය වෙන්නේ නැහැ. යෝධ පවුරක් ජාතික ජන බලවේගය කියල කියන්නේ. අද වෙනකොට එකම දුෂිත ක්‍රියාවක් අපිට එරෙහිව කියා ගන්න බැරිවෙලා තියෙනවා. ඒගොල්ලෝ නන්දොඩවමින් ඉන්නේ. අපි බය වෙන්නේ නෑ. ඔය කට්ටිය එකතු වුණේ කොළඹ නගර සභා මැතිවරණයේදීනෙ. ඒත් පරදයිනේ. ඊට පස්සේ සිරිකොතට කැදෙව්වා. කෝ ඉස්සුනාද වැඩේ. සමඟි ජන බලවේගය ඇවිල්ලත් නෑ. ඕවා ඉස්සෙන්නේ නෑ. එදා වෙලා ටුවර්ස්. පැය 24යි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...