ගාලු කොටු පවුරේ විරෝධතාවයක නිරතව සිටි පිරිසක් බලහත්කාරයෙන් ඉවත් කරයි

0
1440

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගය අතරතුර තරුණයන් පිරිසක් ගාලු කොටු පවුරේ විරෝධතාවයක නිරත විය. ඒ, ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමිනි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදාව සහ පොලීසියද කැඳවා තිබූ අතර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව විරෝධතාකරුවන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධය පළකර ඇති අතර එම සංගමය පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

UN