ගාස්තු වැඩි කළාට දුවන්න බස් නෑ, මිල වැඩි කළාට ඉන්ධන නෑ, මෙහෙම ආණ්ඩු මොකටද ? – බස් ගැමුණු

Date:

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට මගී ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන බස් රථවලින් 90% කට වැඩි ප්‍රමාණයක් ධාවනය නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

එසේ තිබියදී යළිත් බස් ගාස්තු ඉහළ දමා ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීම අසාධාරණ බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉන්ධන නොමැති අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමූ ආණ්ඩුව, බස් ධාවනය නොවන තත්වයක් තුළ බස් ගාස්තු ඉහළ දැමීමටද කටයුතු කර ඇති බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා, මෙවැනි ආණ්ඩුවකින් රටට අත්වන ඵලය කුමක්දැයි විමසා සිටිනවා.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බස් ධාවනය සැළකිය යුතු අන්දමකින් සීමා කර ඇති නිසා ධාවනය වන බස්රථවල පිටුපස එල්ලී හෝ වහළයට නැගී හෝ ගමන් කිරීමට මගීන්ට සිදුව ඇති බවත්, කෙසේ නමුත් ඔවුන්ටද ආසනයක වාඩි වී සැප පහසු ලෙස ගමන් කරන මගියා ගෙවන ගාස්තුවම ගෙවීමට සිදුව ඇති බවත් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරනවා.

අවම වශයෙන් මගී බස් රථවලින් 75% ක් හෝ ධාවනයට එක්වන තෙක් බස් ගාස්තු ඉහළ දැමීම ප්‍රමාද කිරීම වඩාත් සුදුසු බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන් අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් එවැනි කෙටි ගමන් පා ගමනින් යාමට මගී ජනතාව පෙළඹෙන බැවින් එය බස් කර්මාන්තයට දැඩි ගැටලුවක් වන බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...

සිස්ටම් චේන්ජ් කියන්නේ අධිකරණ තීන්දු දේශපාලන යූටියුබ්කරුවන් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීමද ? – සජිත් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක...

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...