අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්
අරවින්ද නෙමෙයි ඒ සනත්

විරාගය හොරු හොරා ගත්තාවෙ
සරාගය නො නවතින හැත්තෑවෙ

පතරංග ශරීරයෙ මෙවලං ද
කෙතරම් ම අතීතයෙ අවලං ද

රාගිනී අවුළුපත කරගත්තෙ
මාලිනීමය මතක මධු මත්තෙ

අනෝරා ඇල්කොහොල් වැසි අතර
අනෝජාදර සිහින පිරිවිතර

ලෝකාන්තය පෙනෙන රේඛාව
රූකාන්තය දකින ලේඛාව

විරාගය හොරු හොරා ගත්තාවෙ
සරාගය නො නවතින හැත්තෑවෙ

තිස්ස අසබඩ කෙට්ටු වුණත්
අරවින්ද නෙමෙයි ඒ සනත්

~ මංජුල වෙඩිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...