*
Saturday, January 18, 2025
spot_img

Latest Posts

දකුණු ආසියානු තරගාවලියට රගර්- ලංකාවෙන් උපරිම සහය

ආසියානු රගර් සම්මේලන සභාපති ක්වායිස් අල් දලායි විසින් බංගලාදේශය සහ නේපාලය අතර පැවති රගර් තරගාවලිය අතරතුර කරන ලද යෝජනාවකට අනුව 2023 දී පැවත්‍‌වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා රගර් ක්‍රීඩාව ඇතුළත් කර ඇත.පකිස්තානයේ පැවත්වෙන දකුණු ආසියාතික තරගාවලිය 2023 වසරේ අගෝස්තු මස පකිස්තානයේ පැවත්වෙන මහ මැතිවරණයෙන් පසුව සත් සාමාජික රගර් තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා රගර් පෙන්වා දෙන්නේ තරගාවලියට සහභාගි වීමට අමතරව කළාපයේ රගර් ප්‍රවීනයා හැටියට දිය හැකි ශ්‍රම දායකත්වය උපරිමයෙන් ලබා දීමටද කටයුතු කරන බවය.

අග්නිදිග ආසියාවේද රගර් ක්‍රීඩාව බෙහෙවින් ප්‍රචලිතව තිබෙන බව පෙන්වා දුන් ආසියාතික රගර් සම්මේලන සභාපතිවරයා බංග්ලාදේශ ඔලිම්පික් සංගමයේ මහලේකම් සයිඩ් ෂහෙඩ් රේසාට සහ නේපාල ඔලිම්පික් සංගමයේ මහලේකම් නිලේන්ද්‍ර රාජ් ශ්‍රෙස්තාට දකුණු ආසියානු තරගාවලියට රගර් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ වටිනාකම පෙන්වා දී ඇත.

ආසියානු සභාපතිවරයා මේ ගත් තීරණය හරිම වැදගත්.කළාපීය සහයෝගීතාවයට රගර් ක්‍රීඩාවටත් දායකත්වය ලැබෙන මාර්ගයක් විවෘත වෙලා තියෙනවා.රටවල් අතර මිත්‍රත්වය පෝෂණය කිරීමට අවශ්‍යය ක්‍රීඩාමය සම්බන්ධතාවය පුළුල් වෙනවා වගේම සමීප තරගකරුවන් නිර්මාණය වීම නිසා කළාපයේ රගර් ක්‍රීඩාවේ තත්ත්වයද ඉහළ යනවා.ශ්‍රී ලංකාවට මේ තීරණය අතිශයින් වැදගත්.ශ්‍රී ලංකාවේ රගර් ප්‍රවිනයන්ට මේ හරහා සෙසු රටවල රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට ඉඩකුත් ලැබෙයි කියලා විශ්වාස කරනවා.යනුවෙන් ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසීමකදි පවසා සිටියා.

එහිදි ආසියානු සම්මේලන සභාපතිවරයා තමන් සමඟ යම් පෞද්ගලික ගැටළුවක සිටින්නේද යන්න අප ශ්‍රී ලංකා රගර් සභාපතිවරයාගෙන් විමසා සිටි අතර,එම අවස්ථාවේ රගර්වලට තියෙන ආදරය නිසා ඔහු වුවත් මම වුවත් හැඟීම්බර වෙන්න පුළුවන්.හැම දෙයක්ම කරන්නෙ රගර් වෙනුවෙන් යනුවෙන් පවසා සිටියා.

“හැමෝටම කියන්නෙ හැම දෙයක්ම රගර් වෙනුවෙන් කරන්න සහ තමන්ගේ රට වෙනුවෙන් කරන්න” යැයි ද ඔහු වැඩි දුරටත් පැවසා සිටියා.

ඇත්තටම ආසියානු සභාපතිවරයා සහ මා අතර ප්‍රශ්නයක් නැහැ.ලංකාවේ රගර් නිසා ආසියානු මට්ටමෙන් සම්බන්ධතා හදා ගත් ලංකාවේ ඇතැම් පිරිස් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ඨ කරගන්න රට දෙවැනි කොට තබා වැඩ කරන නිසයි මේ ප්‍රශ්න ඇති වෙන්නෙ.දැනටමත් ඒ පිරිස් කවුද කියලා අපි හඳුනගෙන ඉන්නවා.ඉදිරියෙදි ඒ අය හෙළිදරව් කරනවා.අපි ශ්‍රී ලංකාවේ රගර් වෙනුවෙන් වගේම ආසියානු සභාපතිවරයා රගර්වලට ආදරයෙන් ගන්න හැම තීරණයකදීමත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.ඒ වගෙම මේ මොහොතෙ ලංකාවෙ රගර් ක්‍රීඩා පරිපාලනයේ ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව දක්වන සහයෝගයටත් අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා යනුවෙන් ද ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා පවසා සිටියා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan