Browns EV – HNB හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී ලීසිං පහසුකම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

Browns EV සමාගම මගින් ආනයනය කරන විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ ගිවිසුම් ගතව තිබේ.

අදාළ අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. විදුලි වාහන වෙත මාරු වීමට කැමති පාරිභෝගිකයින්ට දැන් Browns EV මාදිලි මිලදී ගැනීම සඳහා විශේෂ ලීසිං සැලසුම් කිහිපයකින් තෝරා ගත හැකි බවයි හැටන් නැෂනල් බැංකුව පවසන්නේ.

මෙහිදී අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා –

“ශ්‍රී ලංකාව කාබන් විමෝචනය අවම ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා HNB කැපවී සිටිනවා. Browns EV සමඟ ඇති මෙම හවුල්කාරිත්වය හරහා, අපි පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන දැරිය හැකි සහ නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟ නවීන, බලශක්ති කාර්යක්ෂම වාහන සඳහා ප්‍රවේශය ලබා දෙනවා”

Browns EV නගර සහ තදාසන්න ප්‍රදේශ යන දෙකටම සුදුසු විදුලි වාහන පරාසයක් ඉදිරිපත් කරයි. දැරිය හැකි මිල, ඉහළ කාර්ය සාධනය සහ ශුන්‍ය විමෝචන ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම වාහන පුද්ගල හා ව්‍යාපාර යන දෙඅංශය අතර ජනප්‍රිය වෙමින් පවතී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සහ ව්‍යාපාරවලට විදුලි වාහන වෙත පුළුල් ප්‍රවේශයක් ලබා දීම සහ ඒවායේ මූල්‍ය හා පාරිසරික ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීම බවයි Browns EV සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Browns EV අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා –

“ශ්‍රී ලංකාවේ විදුලි වාහන සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා HNB සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම ගැන අපි ඉතා සතුටු වෙනවා. Browns EV හි අප පරිසර හිතකාමී සහ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ විදුලි වාහන ලබා දීමට කැපවී සිටිනවා. HNB හි නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟින් වැඩි පාරිභෝගිකයින් පිරිසකට විදුලි වාහන වෙත මාරු වීමට සහ අපේ රටට පරිසර හිතකාමී, හරිත අනාගතයක් සඳහා දායක වීම අපගේ බලාපොරොත්තුවයි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...