පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :

පසුගිය දා උඩුගම්පොලදී පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව අද(03) පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාරිය පසුගියදා අන්තරායකර ලෙස රිය ධාවනය , අපරික්ෂාකාරි රිය ධාවනය, පොලිස් සංඥා නොතකා රිය ධාවනය , සාපරාධි බලහත්කාරය පෑම සහ අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුනි.

පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද(03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.අදාළ කාන්තාව විසින් පොලිස් නිළධාරීන්ට බැණ වදිමීන්, තමන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය බව පවසමින් කලහාකාරි ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...