පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :

පසුගිය දා උඩුගම්පොලදී පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව අද(03) පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාරිය පසුගියදා අන්තරායකර ලෙස රිය ධාවනය , අපරික්ෂාකාරි රිය ධාවනය, පොලිස් සංඥා නොතකා රිය ධාවනය , සාපරාධි බලහත්කාරය පෑම සහ අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුනි.

පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද(03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.අදාළ කාන්තාව විසින් පොලිස් නිළධාරීන්ට බැණ වදිමීන්, තමන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය බව පවසමින් කලහාකාරි ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...