කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් ඊයේ (03) වෙළෙඳ අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පවත්වා තිබේ.
එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යෝජනා සහ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇති අතර ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අදාළව සහ එම ශිෂ්‍යාධාර ලබා දීමේ දී ඇති වී තිබෙන ගැටළු තත්ත්වයන් පිළිබඳව ද එහිදී අවධානය යොමුකර ඇත.
එමෙන්ම විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයින් පිළිබඳව දක්වා ඇති අවධානය වැඩි කිරීම, විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා පහසුකම් තව දුරටත් දියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයින්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වැනි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කර ඇති බව සඳහන්.
ඉදිරි අයවැය මඟින්ද මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ දැමීමට ඇති හැකියාව පිළිබඳවද අමාත්‍යවරයා කරුණු දක්වා ඇත.
මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු එහි සාමාජිකයින්, මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
