කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගනු ලැබූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම තත්ත්වය වෙනස් කරමින් කාන්තාවන්ටද එම අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණි.

කෙසේවෙතත් දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව ඉහත තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...

”එකමුතු බවේ දෝංකාරය” සමාප්තිය සනිටුහන් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම...