චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා හමු වුණා.

ඒ අද(04) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී.

මෙම වසරේ සිට කැළඹිලි සහිත බාහිර පරිසරයකට මුහුණ දීමට සිදු වුවද චීන-රුසියා සබඳතා වඩාත් ඉහළ මට්ටමින් මෙන්ම වැඩි ගුණාත්මක බවින් යුතු සංවර්ධනයක් ඉලක්ක කර ගනිමින් ස්ථාවරව ඉදිරියට ගොස් ඇති බව ෂී ජින්පිං මහතා සඳහන් කළා. චීන-රුසියානු සබඳතා මනා ව පවත්වා ගනිමින් නිසි පරිදි තහවුරු කර, යහපත උදෙසා සංවර්ධනය කිරීම, දෙපාර්ශ්වයේ ම උපායමාර්ගික තීරණයක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා.

දෙරටේ නායක දෙපළ විසින් ඇති කර ගත් කේන්ද්‍රීය එකඟතාව ක්‍රියාත්මක කරමින් වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති, කෘෂිකාර්මික සහ ඩිජිටල් ආර්ථික යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාවන් පුළුල් කරමින් රුසියාව, චීනය සමඟ එක්ව ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බව රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...