විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියව ඊයේ (04) හමුවී තිබේ.

ඒ, නවදිල්ලි නුවර පිහිටි මුදල් අමාත්‍යාංශයේදී ය.

එහිදී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ මුදල් අමාත්‍යවරිය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව අවධාරණය කර ඇති බව විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද සමයේ ඉන්දියාව ලබාදුන් අමෙරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහිදී විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළකර තිබේ.

ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් ඉල්ලා ඇති බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මේ අතර ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇත.

ඒ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් පෙරේදා හමුවූ අවස්ථාවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...