නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ හිමාල කඳු මුදුනක හිම කඩා වැටීමෙන් විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතිකයන් දෙදෙනෙකු ඇතුළුව අවම වශයෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය අය අතර ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු, කැනේඩියානු ජාතිකයෙකු, ජර්මානු ජාතිකයෙකු, ප්‍රංශ ජාතිකයෙකු ඇති බව විශ්වාස කරන අතර ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර, පස් දෙනාගේ සිරුරු හිම යට අඩි 10-15ක් පහළින් හිමෙන් වැළලී ඇති බවට විශ්වාස කෙරේ,

තවත් අට දෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගේ තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් කත්මණ්ඩු අගනුවරට යවා ඇත.අයහපත් කාලගුණය සහ සැපයුම් ගැටළු හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල ව ඇති අතර හෙලිකොප්ටර් පියාසර කිරීමට හෝ පයින් එම ස්ථානයට ළඟා වීමට අපහසු වී ඇත.

සරත් සමය නේපාලයේ කඳු නගින්නන් අතර ජනප්‍රිය සමයක් වන මුත්,දරුණු කාලගුණය සහ හිම කුණාටු ඇතිවීමේ අවදානම් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...